මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව ප්‍රතිඥාව ලබාදීම හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දී

    මාර්තු 23, 2019

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ථෙරවාදී ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර එය යුනෙස්කෝ ලෝක මතකය වැඩසටහන යටතේ ලේඛණගත කිරිමට අදාළ ජාතික වැඩසටහනට සමගාමීව 2019.03.16 සිට 2019.03.23 දින දක්වා ත්‍රිපිටකාභිවන්දානා සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

    ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව හා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16 මූලික කරගෙන ක්‍රියාකාරී ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු පිහිටුවා ඇති අතර ප්‍රාදේශිය ලේකම් වරුන්ගේ මෙහෙයවීමෙන් සියලූම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල 2019.03.16 සිට 23 දින දක්වා වැඩසටහන් සංවිධානය කෙරේ.

    ඒ අනුව ඊයේ (22) දින රාජ්‍ය ආයතන වල විවිධ වැඩසටහන් යටතේ ප්‍රතිඥාව ලබාදීම හා ත්‍රිපිටකය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දි පැවැත්විණ. මාතර - පඹුරණ සාරිපුත්‍ර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, මාතර - වල්ගම බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය විල්පිට සුධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ විසින් ත්‍රිපිටකය පිළිබඳව, එහි ඉතිහාසය හා ත්‍රිපිටකය රැකගත් ආකාරය පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ දේශනයක් පවත්වන ලදි. මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිරිසක් සහභාගි වී සිටියහ.

    මාතර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක දිද්දෙනිපොත නන්දරතන හිමියන් ඇතුළු බෞද්ධ කටයුතු අංශය වැඩසටහන සංවිධානය කරන ලදි.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya