මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ දානමය පිංකමක්

    මාර්තු 23, 2019

    ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දිවයින පුරා පවත්වනු ලබන ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ආගමික වැඩසටහනක් ඊයේ (22) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

    ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් සියළුම රජයේ ආයතනවල රාජ්‍ය නිලධාරීන් ත්‍රිපිටකය සහ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැදැගත්කම පිළිබද දැනුවත් කිරීම සිදුවිය. අනතුරුව මහනුවර බෝගම්බර විහාරස්ථානයේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගල්ලෑල්ලේ සෝරත ස්වාමීන් වහන්සේ විසින් විශේෂ ධර්ම දේශනයක්ද පවත්වන ලදී. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවති මෙම ආගමික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සේම මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුනි.

    ත්‍රිපිටකාභිවන්දන සතිය අවසන් කරමින් පැවැත්වෙන ප්‍රධාන උත්සවය 5000 නමක මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් යුතුව  අද (23) ප.ව. 2.00 ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහමහළුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. එහිදී ථෙරවාදී ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ලේඛනගත කිරීමට අදාල යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සදහා විදෙස් රටවල ස්වාමීන් වහන්සේලා, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන්, බෞද්ධ රටවල තානාපතිවරු ඇතුළු තවත් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya