අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු තාක්ෂණ උද්‍යාන පිහිටුවීමට පියවර- ඩිජිටල්කරණයට ලක් වූ බොහෝ රටවල දූෂණය අඩුයි

    මාර්තු 19, 2019

    තොරතුරු තාක්ෂණ උද්‍යාන පිහිටුවීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (19)පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

    බාහිර උපාධි යට තොරතුරු තාක්ෂණය හදාරන සිසුන්ට විශේෂ වරප්‍රසාදයක් ලැබෙනවා. තොරතුරු තාක්ෂණ උද්‍යාන පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා.මේ පිළිබඳව නගර සංවර්ධනය පිළිබඳ අඳහස් සමඟ ගළපලා, දියුණු උද්‍යාන ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.

    රජයේ සහ පෞද්ගලික අංශයේ හවුල් ව්‍යාපාර ලෙස මෙම තොරතුරු තාක්ෂණය යොදා ගන්න බලාපොරොත්තු වෙනවා.ඉක්ටා ආයතනය යුග මෙහෙවරක් සිදු කොට තිබෙනවා.අනාගතයට ද විශාල මෙහෙයක් කළ යුතුව  තිබෙනවා. මේ වනවිට පරිගණක දියුණුවට වැඩපිළිවෙල රැසක් ගෙන තිබෙනවා.ඩිජිටල් ගෙවීමේ ක්‍රමවේද දියුණු කරනවා.

    තොරතුරු දැනගැනීමට නීතියක් සකස් කළත් පෞද්ගලික තොරතුරු ආරක්ෂාව, ව්‍යාපාරවල තොරතුරු ආරක්ෂාවට විධිමත් නීතියක් නෑ.සයිබර් ප්‍රහාරවලට විධිමත් නීතියක් නෑ.ඩිජිටල්කරණයට ලක් වූ බොහෝ රටවල  දූෂණය බොහෝ දුරට අඩු වී තිබෙනවා. රජයේ කටයුතු ඩිජිටල්කරණයට ලක් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya