මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩිජිටල් තාක්ෂණය ඉහළට ගෙනැවිත් එය අපනයනය කළ යුතුයි-මුදල් රාජ්‍ය අමාත්‍ය

    මාර්තු 19, 2019

    රටේ අපනයන තුළ හතරවැනි තැන ගන්නේ තොරතුරු තාක්ෂණයයි.මෙහි එකතු කළ අගය සියයට 95%ක්  වෙනවා. ඩිජිටල් තාක්ෂණය ඉහළට ගෙනැවිත් එය අපනයනය කළ යුතුයි යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන්  වික්‍රමරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (19)පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

    විද්‍යාත්මක පදනම වැදගත්.දරුවන්ට විද්‍යාව වගේම කීකරු වීම සදාචාරය වැදගත්.දැන් ලෝකයේ ඇතිවන නව විප්ලවය ඩිජිටල් විප්ලවයයි.

    2005 වනවිට ඩිජිටල් විප්ලවය අවසානාවකට දේශපාලණීකරණය වුණා. අපනයන තුළ හතරවැනි තැන ගන්නේ තොරතුරු තාක්ෂණයයි. එකතු කළ අගය මෙහි සියයට 95%ක් වෙනවා. ඩිජිටල් තාක්ෂණය ඉහළට ගෙනැවිත් අපනයනය කළ යුතුයි. ඒ ඉල්ලුමට දැන් සැපයුම අඩුයි. එය වැඩි කළ යුතුයි.උසස් ආදායම් මට්ටමකට යන්න හැකි වෙනවා. අයවැයෙන් පුහුණුවට මුදල් වෙන් කර තිබෙනවා. නැතිබැරි අය ශක්තිමත් කළ යුතුයි. තොරතුරු තාක්ෂණයේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් තිබෙනවා. මෙයට නීති පද්ධතියක් අවශ්යයි.ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු පනත ගෙනවා.නීතිය පැත්තෙන් ශ්‍රී ලංකාව ඉහළ තැනක සිටිනවා . කාර්මික විප්ලවයෙන් පසු ඇති වූ වැදගත් ම විප්ලවය ඩිජිටල් විප්ලවයයි.රේගුව, කෘෂිකර්මාන්තය,වැනි අංශ ඩිජිටල් කළ යුතුයි.දත්ත පාලනය වැදගත් වෙනවායැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya