අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර නගරය පුළුල් කිරීමට පියවර- අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    මාර්තු 19, 2019

    වතුවල නාස්තිය අවම කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීමට කටයුතු කිරීම යළි ආරම්භ කරනවා.ජයිකා ආධාර ඇතිව මහනුවර නගරය පුළුල් කිරීමට කටයුතු කෙරෙනවා යැයි රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානයක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (19)පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

    2015 වැවිලි අමාත්‍යාංශය පත් වන විට සේවක අර්ථසාධක අරමුදල ගෙවීමට හිඟ මුදලක් තිබුණා. කිසිදු වැඩපිළිවෙලක් තිබුණේ නෑ.අපි හතරෙන් තුනක් ගෙව්වා. ඉතිරිය ඉදිරි මාසවල ගෙව්වා.

    වතුවල නාස්තිය අවම කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීමට කටයුතු කිරීම යළි ආරම්භ කරනවා.වතු ලාභදායි කිරීමට වැඩසටහනක් අමාත්‍යමණ්ඩලයට යොමු කර තිබෙනවා.දින 100 ආණ්ඩුව තුළ සෑම වතු කම්කරු පවුලකටම පර්චස් හතක් ලබිය යුතුයි කියලා යෝජනා කිරීමට හැකි වුණා.වතුකම්කරු ජනතාවගේ ගැටළු ගණනාවකට විසඳුම් ලබාදීමට හැකි වුණා.මහනුවර සංවර්ධනයාට් මිලියන 1500ක් ලබෙනවා. අපේ උරුමය සංවර්ධනයට පියවර ගැනීමට නියමිතයි. අපේ උරුමය සංවර්ධනයට පියවර ගැනීමට නියමිතයි.කන්ද උඩරට රටට ම අයිති උරුමයක්. ජයිකා ආධාර ඇතිව මහනුවර නගරය පුළුල් කිරීමට කටයුතු කෙරෙනවා. තැන්නෙකුඹුර සිට සුදුහුම්පොළට උමං මාර්ගයක් ඉදිකිරීමට අනුමැතිය දුන්නා. එය යම් කිසි ප්‍රමාදයක් තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.

    රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය,ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya