මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාර්මික තාක්ෂණ ආයතනය අද මහජනයාට විවෘතයි

    මාර්තු 19, 2019

    විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යංශය යටතේ පවතින කාර්මික, තාක්ෂණික ආයතනය ( මර්තු 19) අද පෙරවරු 9.30 සිට පස්වරු 4.00 දක්වා මහජනතාව සඳහා විවෘත කෙරේ.

    එම ආයතනය මගින් සිදු කරන ලබන පර්යේෂණ, හා නිෂ්පාදන පිළිබඳව මෙහිදී ජනතාවට එහි සිටින විද්‍යාඥයින් විසින් විස්තර කර දෙනු ඇත.

    සුළු හා මධ්‍ය පාරිමාණ ව්‍යවසායකියින්ට කර්මාන්තකරුවන්ට,ආයෝජකයින්ට, පර්යේෂකයින්ට , සරසවි සිසුන්ට අපනයන කරුවන්ට මෙන්ම පාසල් හැරගිය තරුණ තරුණියන් ටද නව කර්මාන්ත අරඹන්නේ නම් ඒ සඳහා අවශ්‍ය දැනුම හා උපදෙස් මෙහිදී ලබා ගත හැකි බව කාර්මික තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (අලෙවි හා ප්‍රවර්ධන) මනෝරි විජේමාන්න මහත්මිය පවසයි.

    කොළඹ 07, විද්‍යා මාවතේ අංක 120/4 ඒ දරණ ස්ථානයේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයේ (19) පෙ.ව 9.30 සිට පස්වරු 4 දක්වා මහජනයා සඳහා විවෘතව තවන බවත් ආයතනය මගින් සිදු කරණ සියලු කාර්යයන් පිළිබඳව එහිදී විස්තර දැනගත හැකි බවත් විජේවර්ධන මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසුවාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya