මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    600 වෙනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතිය විවෘත කිරීම 20 වෙනිදා ජනපති සුරතින්

    මාර්තු 19, 2019

    වකුගඩු රෝගයෙන් පීඩා විදින ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීම පෙරදැරි කර ගනිමින්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උදාර සංකල්පයකට අනුව වකුගඩු රෝග නිවාරණජනාධිපති කාර්යසාධන බලකායේ සහ විවිධ දානපතීන් ගේ මුල්‍ය දායකත්වය යටතේ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කර ගනිමින්, මේවන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක ජල පිරිපහදු යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.

    විශේෂයෙන්ම දිවයිනේ ප්‍ර‍දේශ රැසක මිලියන 1.5 ක පමණ වූ ජනතාවක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමට මෙමඟින් හැකියාව ලැබී ඇත.

    එහි සුවිශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින් 600 වන ජල පිරිපහදු යන්ත්‍රය, අනුරාධපුරය, ඓතිහාසික ඉසුරුමුණි විහාරස්ථානයේදී, එළඹෙන මාර්තු 20 වන දින සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කිරීමට නියමිතය.‍ ඉදිරියේදී ද වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින දිස්ත්‍රික්ක තවදුරටත් ආවරණය වන පරිදි මෙවැනිම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීමටවකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය සහ නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya