මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ගාල්ල ලන්දේසි කොටුව අනාගත පරපුර උදෙසා” විද්වත් කතිකාවතක්

    මාර්තු 19, 2019

    ගාලු උරුමය පදනම, ගාලු මහ නගර සභාව, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා ආයතන සහභාගිත්වයෙන් “ගාලු ලන්දේසි කොටුව අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීමේ විද්වත් කතිකාවත” - සමාරම්භක වැඩමුළුවක් පසුගියදා දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

    මෙම කතිකාවතෙහි මුඛ්‍ය පරමාර්ථ පෙළ ගස්වන මූලික ඉදිරිපත් කිරීමක්, එනම් ඓතිහාසික ගාලු කොටුව, ඒ වටා බැඳී ඇති සංස්කෘතික කාරණා, අද දවසේ මෙම ඓතිහාසික උරුමය මුහුණ පා ඇති තර්ජන මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් මෙම මහඟු උරුමය ආරක්ෂා කිරීමට ‍ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.

    දකුණුපළාත් ආණ්ඩුකාර රජිත් කිරිතිතෙන්නකොන් මහතා ,ගාලු උරුමය පදනමේ සභාපති චන්න දාස්වත්ත, කැලණිය විශ්වවිද්‍යලයේ කථිකාචාර්ය මංගල කටුගම්පොල යන මහත්වරුන් මෙහිදි අදහස් පල කළහ. ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ඇතුළු මහජන නියෝජිතියින් පිරිසක්ද ඊට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya