අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය සහ හම්බන්තොට නව මහ රෝහල් මැයි මාසයේ දී ජනතා අයිතියට.

    මාර්තු 19, 2019

    නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකරන ලද හම්බන්තොට සහ නුවරඑළිය නව මහ රෝහල් ලබන මැයි මැයි මාසයේ දී විවෘත කිරීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය.

    මෙම රෝහල්වල ඉදිකිරීම් සහ උපකරණ සම්බන්ධයෙන් පැවැති ගැටලු අවසන් කර ඇති බවත් එම උපකරණ රෝහල් දෙකට ලැබෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. අදාල රෝහල්වල ගොඩනැගිලි සෞඛ්‍ය අමාත්‍යාංශයට කොන්ත්‍රාත්කරුවන්ගෙන් පවරා ගැනීම කඩිනමින් සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.

    මේ අතර ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් සදහා බදවා ගත් ක්ෂේත්‍ර නිලධාරීන් ස්ථිර කිරීම පිළිබදව ද සාකච්ඡා කළ අතර, ඒ සදහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි. එවැනි ක්ෂේත්‍ර නිලධාරින් 1500 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බදවාගෙන ඇත.

    දකුණු පළාත තුල ඉන්ෆ්ලුවෙන්සා රෝගය යළි පැතිරයාමේ අවධානමක් පවතින බවට අනතුරු අඟවා ඇති බැවින් ඊට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya