අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීමට සේවා නියුක්ති පනත ලෙස එක් පනතක්

    මාර්තු 18, 2019

    කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීමට සේවා නියුක්ති පනත ලෙස එක් පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පවසයි.

    කැබිනට් නොවන අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයට එක්වෙමිනි.

    කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා පනත් කීපයක් එකතු කොට සේවා නියුක්ති පනත ලෙස එක් පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.

    කම්කරු අනපනත් හතළිහකට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත් ඒවා වර්තමනයට ගැළපෙන සේ සකස් කරන බවද පැවසී ය.

    ළමා ශ්‍රමය තුරන් කිරීම පිළිබඳව ජාත්‍යන්තරයෙන් පසසුමට අප රට ලක්වී තිබේ. කම්කරු දෙපාර්තමේන්තුව වසරකට ශ්‍රමික පරීක්ෂණ 80,000ක් පමණ සිදු කරයි. පෞද්ගලික අංශයේ ආයතනවල කාර්මික සාමය ඇති කිරීම සඳහා සුවිශේෂී වැඩසටහන් රැසක් සිදු කර ඇති බව කී අමාත්‍යවරයා වැඩකරන ජනතාවට හොඳ හෙටක් ලබාදීම අරමුණ බවද පැවසී ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya