අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරිගවයන් ගෙන්වීමේ ගිවිසුම වසර 2014 ඇතිකරගත් එකක්- කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන්

    මාර්තු 18, 2019

    වසර 2014 ඇති කරගත් කිරිගවයන් ගෙන්වීමේ ගිවිසුම නතර කළහොත් විදෙස් සමාගමට ඩොලර් මිලියන 810ක් ගෙවීමට සිදු වන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

    කිසිදු නියමු ව්‍යාපෘතියක්ද සිදු නොකර කිරි ගවයන් ගෙන්වා තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.මේ ගිවිසුම අත්හිටුවන්න බෑ. ණය ගෙවීමේ කාලසීමාව දික් කර තිබෙනවා. ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කර තිබෙනවා ''යැයි අමාත්‍යවරයා පැවසී ය

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, 2014 වසරේ වැරදි ගයවන් ගෙන්වා තිබෙන බවයි. එමඟින් දේශීය කිරි ගොවියා විනශ වී තිබෙන බව අද (18) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රීවරයා පැවසීය.

    කිරි ගොවීන් වෙනුවෙන් ස්ථීර විසඳුමක් ලබා දෙන ලෙසත් මේ ගැන විදෙස් සමාගම සමඟ සාකච්ඡා කරන ලෙසද  මන්ත්‍රීවරයා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ය. අසාධාරණයක් වූ අයට සහනයක් ලබාදීම සාධරණයි. සමහර  අය ණය අරගෙන වෙනත් කටයුතුවල නිරතව සිටි බවද   පිළිතුරු දෙමින් පැවසී ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya