අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2025 වනවිට උදාගම්මාන 20,000ක්-නිවාස සංවර්ධනය සීග්‍රගාමී කිරීමට දැවැන්ත මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා

    මාර්තු 16, 2019

    2025 වනවිට උදාගම්මාන 20,000ක් රටේ පොදු ජනතාවට ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබෙනවා.රටේ නිවාස සංවර්ධනය සීග්‍රගාමී සංවර්ධනයක් බවට පරිවර්තනය කරන්න දැවැන්ත මුදල් ප්‍රමාණයක් වැය කර තිබෙනවා යැයි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (16) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය තෙවැනිවර කියවීමේ විවදයේ අඳහස් දක්වමිනි.

    සෑම බලප්‍රදේශයකම නිවාස විප්ලවයක් ආරම්භ කර තිබෙනවා. රුපියල් මිලියන 29000ක් නිවාස සංවර්ධනය වෙනුවෙන් කැප කර තිබෙනවා.සාපේක්ෂව බැලූ විට රජයක් හැටියට රටේ නිවාස සංවර්ධනය සීග්‍රගාමී සංවර්ධනයක් බවට පරිවර්තනය කරන්න දැවැන්ත මුදල් ප්‍රමාණයක් වැය කර තිබෙනවා.

    පවුල් ලක්ෂ ගණනකට ඉඩම් හා නිවස ලබාදීමට කටයුතු කළා. වසර 4ට 1925ක් උදාගම්මානවල වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. සැප්තැම්බර් අගවනවිට උදාගම්මාන 2500ක් දක්වා යෑමට. වසර 2025 වනවිට සැමට  සෙවණ ලබදීම අපේ ඉලක්කයයි. 2025 වනවිට උදාගම්මාන 20,000ක් රටේ පොදු ජනතාවට ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබෙනවා.

    උදාගම්මාන තුළ මහල් නිවාස නිර්මාණය කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. 137000කට නිවස විසිරි ණය ලබාදී තිබෙනවා.12800කට උතුරේ නිවාසවල අයිතිය ලැබෙනවා.ගංවතුරෙන් විපතට පත් ජනතාවට මිලියන 3600ක් වියදමින් නිවාස තනා දීමට කටයුතු කළා.රණවිරුවන් වෙනුවන් පවුල් 14000කට නිවස තැනීමට ක්‍රියකරගෙන යනවා.දිළිදු ප්‍රජාව වෙනුවෙන් ආධාර උපකාර කර තිබෙනවා.සොදුරු පියස නිවාස වැඩසටහන යටතේ පවුල් 8623කට ප්‍රතිලබ ලබාදී තිබෙනවා.ප්‍රජා සහභාගීත්ව නිවාස සංකල්පය ආරම්භ කළා.2015 නිවසක්
    හදනන් දුන්නේ 2,5000යි. මේ වසරේ හැම නිවසක් වෙනුවෙන් 7,50,000ක් හා ලක්ෂ 6 ණයකුත්, 150,000ක ද්‍රව්‍යමය ආධාරයක් ලබාදීමට කටයුතු කරනවා.වතු ක්ෂේත්‍රයට විශාල සේවයක් කර තිබෙනවා.මේවා ගැන සිදු කරන ප්‍රචාරයට විරුද්ධ වීම කණගාටුවට කරුණක්.ඉන්දියාව විශේෂ නිවාස ව්‍යාපෘති හතරක් ලබාදී තිබෙනවා.


    ලක්ෂ 12000ක් ආධාර ඒ සඳහා ලැබෙනවා.හැම ගමකම ග්‍රාමීය නිවාස කමිටු හදන්න සැලසුම් කොට තිබෙනවා.මේවනවිට ජනාධිපති කාර්යසාධක බලකාය ව්‍යාපෘති හයක් ක්‍රියාත්මක වෙනවා. ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය සිදු කෙරෙනවා. පිරිසිදු පානිය ජලය ලබාදීමට කටයුතු කෙරෙනවා. සම්පූර්ණයෙන් ම රණවිරුවන්ට නිවාස ලබාගැනීමට ශක්තිය ලබාදෙනවා.

    මේ රටේ දහම් අධ්‍යාපනය ගොඩනැගීම සඳහා දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ත්‍රිපිටකාභිනන්දන සතිය වෙනුවෙන් හෙට දවසේ දහම්පාසල් ශාලා 206ක් ආරම්භ කරලා මස තුනක් තුළ විවෘත කරනවා.
    සම්පූර්ණයෙන් ම රණවිරුවන්ට නිවාස ලබාගැනීමට ශක්තිය ලබාදෙනවා.

    මේ රටේ දහම් අධ්‍යාපනය ගොඩනැගීම සඳහා දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ත්‍රිපිටකාභිනන්දන සතිය වෙනුවෙන් හෙට දවසේ දහම්පාසල් ශාලා 206ක් ආරම්භ කරලා මස තුනක් තුළ විවෘත කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya