මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිපිටකය පිළිබඳ වෙනස් අඳහස් දැරීමට හෝ අර්ථනිරූපණය කිරීමට මින් ඉදිරියට ඉඩක් නෑ- බුද්ධ ශාසන අමාත්‍ය

    මාර්තු 16, 2019

    ත්‍රිපිටකටය සම්බන්ධයෙන් වෙනස් අඳහස් දැරීමට හෝ අර්ථනිරූපණය කිරීමට මින් ඉදිරියට ඉඩක් නොමැති බව  බුද්ධ ශාසන හා වයඹ සංවර්ධාන අමත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අයවැය තෙවැනිවර කියවීමේ විවදයේ අඳහස් දක්වමින් අද (16) පාර්ලිමේන්තුවේ දී ය

     

    ත්‍රිපිටකටය සම්බන්ධයෙන් වෙනස් අඳහස් හෝ අර්ථනිරූපණය කිරීමට මින් ඉදිරියට ඉඩක් නෑ. භික්ෂු රක්ෂණ ක්‍රමයක් අප කථා කළා. මිලියන 50 එක්ක අරමුදලක් තිබෙනවා. රක්ෂණ සමාගමකට මේවා පවරන්නේ  නෑ.අපේ අරමුදලෙන් දැනමටත් ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් ඉල්ලුම් කළාම අරමුදලින් ආධාර  කර තිබෙනවා. හොඳ රක්ෂණ ක්‍රමයක් අප දෙන්න තීරණය කළා.

    රක්ෂණය අනෙක් ආගම්වන  කතෝලික, හින්දු ආගම්වල පූජකවරුන්ටත් ඉදිරියට ක්‍රියාත්මක කෙරෙනවා. සමාජ හැදෙන්න නම් විනයක් තිබිය යුතුයි. දහම් පාසල් අනිවාර්ය කළ යුතුයි.පොහොය දිනවල ටියුෂන් පන්ති නැවැත්විය යුතුයි. පන්සල් සංවර්ධනයට ඒ.බී.සී.ඩී. ලෙස වර්ග කර නොදියුණු පන්සල් සංවර්ධනයට පියවර ගෙන තිබෙනවා

    අප කමිටුවක් සකස් කරනවා.බෝධීන් වහන්සේලාට පුද සත්ත්කාර කිරීමේ උපදෙස් මාලවක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.පන්සල් දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. පන්සල දේශපාලන භූමියක් නොකළ යුතුයි. කමිටුවක් පත් කර තීරණයක් ගෙන තිබෙනවා, අටපිරිකර සඳහා උසස් ප්‍රමිතියක් ඇති කිරීමට පියවර ගන්න. නීතිය වෙනස් කරලා,ඒ පියවර ගැනීමට තීරණය ගෙන තිබෙනවා''යැයි ද අමාත්‍යවරයා පැවසී ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya