අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ඔප්පු ලේඛන ලියාපදිංචි කිරීමේ එක් දින සේවාව මධ්‍යම පළාතට හදුන්වා දෙයි

    මාර්තු 16, 2019

    ඉඩම් ඔප්පු ලේඛන ලියාපදිංචි කිරීමේ එක් දින සේවාව හදුන්වා දීම නිමිත්තෙන් පවත්වනු ලබන මධ්‍යම පළාත් උත්සවය අද (16 දින ) පෙ.ව. 9.30 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය මහනුවර ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරෙනු ඇත.

    මෙම කඩිනම් සේවාව හදුන්වා දීමෙන් පසු ජනතාවට රුපියල් 5000 ක මුදලක් ගෙවා තම ඉඩම් ලියාපදිංචි කිරීම එක් දිනක් ඇතුලත ඉටු කර ගැනීමට හැකියාව ලැබේ. ඊට අමතරව අවශ්‍ය නම් ඉඩම් ඔප්පු ලබා ගැනීමද එක් දිනක් තුළ සිදු කිරීමට හැකියාව තිබේ.

    මෙම එක් දින සේවාව ක්‍රියාත්මක කිරීමෙන් පසු ලංකාව ව්‍යාපාර කිරීම සදහා කෙතරම් සුදුසුද යන්න තීරණය කරන ජාත්‍යන්තර ව්‍යාපාරික දර්ශකයක් වන Doing business index දර්ශකය ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, ඒ තුළින් ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළද වර්ධනයක් ඇති කිරීමට හැකියාව ලැබේ.

    මෙම උත්සවයේ ප්‍රධාන උත්සවය හෙට කොළඹ පිහිටි ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. ඊට සමගාමීව සෑම පළාතක්ම නියෝජනය කරමින් පළාත් උත්සව ද පැවැත්වේ. මධ්‍යම පලාත් උත්සවය සදහා මහනුවර දිසාපති සහ අතිරේන රෙජිස්ටාර් ජනරාල් තිස්ස කරුණාරත්න මහතා ද සහභාගිවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya