අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීවන රටාවේ වෙනසකින් පිළිකා අවම කරගත හැකියි- විශේෂඥ වෛද්‍යවරු පවසති

    මාර්තු 16, 2019

    ශ්‍රි ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා නිසා ඇතිවන මරණ දෙවන ස්ථානයට පත්ව ඇති බව ශ්‍රී ලංකා පිළිකා වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා පවසයි.

    නවතම දත්ත වාර්තාවලට අනුව 2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් 28,000ක් අලුතෙන් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඊයේ(15) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ව පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

    සිරුරේ ඇතිවන අසාමාන්‍ය වර්ධනයක් පිළිකාමය තත්ත්වයක් ලෙස නම් කළ හැකි වේ. පිරිමි පක්ෂයේ වැඩි වශයෙන් දැකගත හැකි වන්නේ මුඛය ආශ්‍රිත පිළිකාය. දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය, බුලත්විට භාවිතය යනාදී කරුණු මෙයට හේතුව බව පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය නුරාඩ් ජෝශප් මහතා පැවසීය.

    දැනට ලංකාව පුරා රෝහල්වල සුවනාරී සායන පවත්වමින් හා රට පුරා පිළිකා ඒකක 23ක් ස්ථාපිත කරමින් මෙම පිළිකා රෝගය මර්දනය කිරීම සඳහා කටයුතු කරන බවත් ජෝශප් මහතා තව දුරටත් කීය. විශේෂත්වය වන්නේ නොමිලේ සේවා පහසුකම් ලබා දීමත් නිසා මෙම තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වීමයි.

    අපගේ චර්යාවේ තිබෙන දුර්වලතා මගහරවා ගනිමින් පිළිකා රෝගය මර්දනය කිරීමට දායක වීම වැදගත්ය. එහිදී මේවන විටත් රාජ්‍ය මට්මෙන් පියවර රාශියක් ගෙන තිබේ. ඒ අනුව රට පුරා සෞඛ්‍ය ආයතනවල දුම්කොළ, බුලත්විට භාවිතයට ගැනීම හා ඒවා භාවිත කර පැමිණීම තහනම් කර තිබේ.

    මීට අමතරව නව කැබිනට් තීරණය යටතේ රජයේ ආයතන සියල්ලම එම ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම වැදගත් බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා කීය.

    ප්‍රවේණිගත ප්‍රවණතාව මත පිළිකා වැළදීම සිදුවන බවට විශ්වාසයක් තිබුණ ද ආහාර රටාවේ භාවිතාව හා වර්ණ කාරක, රස කාරක, අහිතකර කිරණ වර්ග නිසා පිළිකා වැළදීමට හැකි අතර චර්යාවේ වෙනස බොහෝ රෝගවල නිමාවට හේතුව බව මෙම අවස්ථාවට සම්බන්ධ වූ විශේෂඥ වෛද්‍යවරු පැවසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya