අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ ඇමති සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර හමුවක්

    මාර්තු 16, 2019

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Jon Philip මහතා අතර හමුවක් ඊයේ (15) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි

    දෙරට අතර අධිකරණ පද්ධතිය අතර සහයෝගිතාවය ඇති කර ගැනීම පිළිබඳව මෙහිදී අඳහස් හුවමාරු විය. අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මෙහිදී මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.'

    මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය පුහුණුවීම් නීතිමය ප්‍රතිසංස්කරණ දැනුම ලබාදීම වැනි කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජය ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බවද අමාත්‍යවරිය මෙහිදී සදහන් කළාය. ඕස්ට්‍රේලියානු රජය ලබා දුන් සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya