මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෙන්යා - ශ්‍රී ලංකා සබදතා නව ක්ෂේත්‍ර ඔස්සේ සවිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ එකඟතාවයක

    මාර්තු 16, 2019
    කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබදතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ එකඟ වෙති.
    කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා අතර නිල හමුව අද (15) දහවල් සිදු වූ අතර එහි දී නායකයෝ මේ පිළිබ`ද දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. 
    කෙන්යා ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
    සුහද කතා බහකින් අනතුරුව රාජ්‍ය නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya