අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම කලාපයකටම ගුරු සංචිතයක්-ගුරු හිඟය සමනය කරන්න පුළුවන්- ගුරුවරු 4000ක් බඳවා ගත්තා

    මාර්තු 15, 2019

    ගුරු හිඟය සමනය කරන්න පුළුවන් වෙනවා.හැම කලාපයකට සංචිතයක් දාන්න තීරණය කළා.ඉදිරි කාලයේ ගුරු හිඟය පියවගන්න බඳවා ගන්න බලාපොරොත්තු වෙනවා.නිවාඩු යන ගුරුවරු වෙනුවට සංචිතයෙන් ගුරුවරු ලබාගැනීමට හැකියාව තිබෙනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (15)පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,අධ්‍යාපන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට  පිළිතුරු කතාව කරමිනි

    ළඟම පාසල හොඳම පාසල ව්යාපෘතියේ ඉතිහාසයේ කිසිම දවසක නොදුන් භෞතික සම්පත් ලබාදුන්නා. පාසල්  6000ක ගොඩනඟිලි අලුත්වැඩියාවට මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනව. නව පන්ති කාමර 5600ක් හදලා  තිබෙනවා මේ වසර තුන තුළ. සම්පත් මධ්‍යස්ථාන හදලා තිබෙනවා. 254ක් තාක්ෂණික විද්‍යාගාර හදලා  තිබෙනවා.

    සෞන්දර්යය එකක 30ක් හදලා තිබෙනවා. ජංගම විද්‍යාගාර 300ක් දුන්නා. විදුහල්පති නිවාස 167ක් ලබාදුනා.  අලුතෙන් ගුරු පුහුණු මධ්යස්ථාන සියයට 84%ක් හදා අවසන් කර තිබෙනවා. 35256ක් වැසිකිළි කැසිකිළි පහසුකම් ලබාදි තිබෙනවා.පාසල් වල විදුලිය තිබුණේ සියයට 68%ක පමණයි. දැන්  සියයාට් 90%කට වඩා තිබෙනවා. අපි සැලැස්මක් අනුව කටයුතු කරගෙන ගියා.

    ස්මාර්ට් පන්ති කාමර 250ක් අවසන් කර තිබෙනවා. මෙවර අයවැයට බිලියන 7.5ක් දමා තිබෙනවා පාසල් ඩෙස්  බංකු මිලදී ගන්න. 2014 සාපේක්ෂව අපි විශාල මුදලක් වෙන් කළා.

    සුරක්ෂා රක්ෂණය ගෙනාවා.වැඩබලන විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නයක් ආවා. සුදුසුකම් ලත් විදුහල්පතිවරු ඉන්න  ඕන.අපි බදවා ගත්තේ සුදුසුකම් ලත් අයයි.රාජ්‍ය සේවා කොමිෂම ලබාදුන් මාර්ගෝපදේශ අනුව කටයුතු  කරන්නේ.වැටුප් විෂමතවය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. වැටුප් වැඩිවෙනවා නම් කැමතියි. මේ ගැන වෘත්තිය සමිති  සමඟ සාකච්ඡ කළා. අනෙකුත් සේවා සමඟ ගළපා ගන්න ඕන තීරණයක්.

    මූලික වැටුප දෙගුණයකින් වැඩි කර තිබෙනවා.අපිට කෑ ගහන්න එපා ගුරුවරු මර්දනය කරනවා කියලා.අපට  යන්න පුළුවන් උපරිම ගියා.මධ්‍යස්ථව බලන්න. උතුරු නැඟහිරට සුදුසුකම් ලත් ගුරුවරු නෑ. ස්වේච්ඡා ගුරුවරු  ගන්න සිදු වුණා.ගුරුවරු 4000ක් ගත්තා දේශපාලනයක් නොමැතිව.1190ක් ගුරු අධ්‍යාපනඥයින් බඳවා ගත්තා.  තවත් 1900ක විදුහල්පතිවරු බඳවා ගන්න ගැසට් කළා.ගුරුවරු බඳවා ගැනීම තුලනය කරමු කිව්වා.අපි  ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළා.අපට අවශ්‍ය සහාය ලැබුණේ නෑ.නුපුහුණු ගුරුවරු අරගෙන නෑ. දිගටම ගුරුවරු  පුහුණු කළා. ගුරු හිඟය සමනය කරන්න පුළුවන් වෙනවා.හැම කලාපයකට පූල් එකක් දාන්න තීරණය කළා.ඉදිරි  කාලයේ ගුරු හිඟය පියවගන්න බඳවා ගන්න බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya