අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුහල්පතිවරු 59,000ක් බඳවාගෙන දීමනා වැඩි කළා - අධ්‍යාපන ඇමති කියයි

    මාර්තු 15, 2019

    විදුහල්පතිවරු 59,000 බඳවාගෙන විදුහල්පති දීමනාව රු 750 සිට 6500 දක්වා වැඩි කරමින් රාජ්‍ය සේවකයින් වැඩිම පිරිසක් සිටින අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩි දියුණු කළබව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යංශයේ (14) පැවති "ළඟම පාසල හොඳම පාසල " ව්‍යාපාතිය යටතේ ගංවතුරින් හානියට පත් පාසල් වලට තාක්ෂණික උපකරණ ප්‍රදානය කිරමේ උත්සවය ට සහභාගී වෙමිණි.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

    "මම මේ ක්ෂ්‍රේත්‍රය ගැන අවබෝධයෙන් කටයුතු කරන්නේ. ආපු ගමන් වෙනස්කම් රැසක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කලා. ළඟම පාසල් හොඳම පාසල, සුරක්ෂා රැකවරණය , පාසල් සඳහා ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලය වැනි සංකල්ප රැසක් ඇති කළා .

    සිසුන් වැඩි පාසල් වල අනධ්‍යයන කටයුතු සිදු කරන්න රෙජිස්ටාර් වරයෙක් ගන්න කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් දාල තිබෙනවා.අපි ඉදිරියේදී ඩිජිටල් පන්ති කාමර 200ක් ඉදිකරනවා. නවීණ තාක්ෂණයත් එක්කයි අපි ඉදිරියට යන්න ඕන."

     මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අකිල විරාජ් කාරියවසම් මහතා  පැවති ගුරු සහ විදුහල්පති වැඩ වර්ජනය ගැන මෙසේ අදහස් දැක්වීය.

    "2015 උපාධි ගුරුවරයෙකුගේ වැටුප රු 16,100යි. වර්තමානයේ එය රු 33,700ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මෙය 33%ක වැඩිවීමක්.දීර්ග කාලයක් තිස්සේ තිබුණ ප්‍රශ්නයක් එක මොහොතකින් ඉවර කරන්න බැහැ. ඊයේ සිදු කල වර්ජනය නිසා පැය කෝටි ගණනක් අපතේ යැවුණ.මෙවැනි වර්ජන මගින් අධ්‍යාපන පද්ධතිය කඩාකප්පල් කරන්න එපැයි කියල අපි ඉල්ලනව.අධ්‍යාපනය තමයි අපට රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන් මාර්ගය. ඒ වෙනස කරන්න අපට ඉඩ දෙන්න කියල මම ඉල්ලනව."

     

     පසුගිය වසරේ ගංවතුරින් විපතට පත් පාසල් 142 ක් සඳහා, මිලියන 70ක් වටිනා ලැප්ටොප් ,ඡායාපිටපත් යන්ත්‍ර,ස්කෑන් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර,ඇතුළු තාක්ෂණික උපකරණ රැසක් ප්‍රදානය කිරිම මෙහිදී සිදු විය. බස්නාහිර පළාතේ පාසල් 19ක්,සබරගමු පළාතේ පාසල් 114 ක්,දකුණු පළාතේ පාසල් 08ක් හා සබරගමු පළාතේ කලාප කාර්යාල 02ක් සඳහා මෙසේ උපකරණ බෙදා දෙනු ලැබීය.

     

    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පළාත් අධ්‍යාපන කාර්යාල වල නිලධාරින් සහ විදුහල්පතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya