අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතවගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමට රජය විවිධ යෝජනා ක්‍රම හඳුන්වා දී තිබෙනවා

    මාර්තු 14, 2019

    ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධනය පමණක් නොව ජනතවගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමට මාර්ග සකස්  කර දිය යුතු බවත් ඒ ආදායම් මර්ග උපදවාගැනීම සඳහා රජය විවිධ යෝජනා ක්‍රම හඳුන්වා දී තිබෙන බවත් රාජ්‍ය  අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (14) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

     ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන,වෘත්තීය පුහුණු  හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය අද විවාදයට ගැනිණි.

    ජනතාව ශක්තිමත් කරන වැඩපිළිවෙල රාශියක් මෙම අමාත්‍යාංශයෙන් සිදු කරගෙන යනවා. විමධ්‍යගත අරමුදල් වැඩසටහන මඟින් සෑම මන්ත්‍රීවරුන්ට දිස්ත්‍රික් සංවර්ධනයාට් අවශ්ථාවක් ලබාදී  තිබෙනවා.ගම්පෙරළිය අපේ අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන්න පියවර ගෙන තිබෙනවා.ගම්පෙරළිය  වැඩසටහන අලුත් සංකල්පයක් යටතේ අංශ 12කින් මුදල් වෙන් කළ හකි වැඩසටහනක්.නාගරික හා ග්‍රාමීය  නිවාස සංවර්ධනාය් අසඳහා එක් පවුලකට ස්ථීර වහලක් සඳහා ලක්ෂ තුනක් වෙන් කරල ශක්තියක් ලබාදී  තිබෙනවා.

    ඉතාම ඉක්මනින් ගම්පෙරළිය සම්පූර්ණ කිරීම ජනතා බලාපොරොත්තුව. ආර්ථිකය කළමනාකරණය කරන්නේ  නෑ කියලා විපක්ෂය චෝදනා කළා.පසුගිය රජය සමයේ රටේ ආර්ථික ඝාතකයෝ ඉන්නවා කිව්වා. ඒක අද  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතක වෙලා.

    අපි විශාල ණයක් ගෙවනවා. සංවර්ධනයත් විශාල මුදලක් වෙන් කර ශක්තිමත්ව කරගෙන යනවා.ග්‍රාමිය යටිතල  පහසුකම් සංවර්ධනය පමනක් නොව ජනතවගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමට මාර්ග සකස් කර දිය යුතුයි. ඒ  සඳහා විවිධ යෝජනා ක්‍රම යටතේ ආදායම් මර්ග සඳහා යෝජනා ක්‍රම හඳුන්ව දී තිබෙනවා යැයි ද රාජ්‍ය  අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya