අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැවිලි බෝග ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඩොලර් මිලියන පහක ආයෝජනයක්

    මාර්තු 14, 2019

    ශ්‍රී ලංකාවේ තේ, රබර්, පොල් ඇතුළු ප්‍රධාන වැවිලි බෝග ක්ෂේත්‍රයේ සංවර්ධනයට පසුගිය වසර ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන පහක මුදලක් ආයෝජනය කොට ඇතැයි වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා පවසයි.

    මේ සඳහා අරමුදල් සපයා ඇත්තේ කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙනි. වැවිලි බෝග ක්ෂේත්‍රයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතුවල සාර්ථකත්වය හා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා එම අරමුදල් උපසභාපති ඩොනල්ඩ් බ්‍රවුන්, එහි ආසියානු කලාපීය අධ්‍යක්ෂ නීගල් බ්‍රෙට් සහ අරමුදල් ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු ආචාර්ය ටාරෙක් කොටබ් යන මහත්වරු සමඟ ඊයේ (13) සාකච්ඡාවක් පැවැත්වීය. 

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනක අමරසිංහ යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya