මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමළ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට පියවර- දෙමළ ජනතාවට රජය පිළිබඳ විශ්වාසයක් තිබෙනවා

    මාර්තු 14, 2019

    යහපලනය ගොඩනැඟීමට රජය පියවර ගෙන ඇති බවත් එය අගය කල යුතු බවත් දෙමළ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට ද රජය පියවර ගෙන ඇති බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.

     අමාත්‍යවරිය අද (14) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

    ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන,වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය අද විවාදයට ගැනේ.

    යහපලනය ඇති කිරීමට කටයුතු කරනවා. උතුරු පළාත සංවර්ධනයාට අවධානයට යොමු කර තිබීම දෙමළ ජනතාවගේ සතුටට කරුණක්.යුද්ධයෙන් විපතට පත් ජනතාවගේ ජීවනෝපාය සංඅව්ර්‍දනයට අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. යුද්ධයෙන් ජනතාවගේ නිවාස අහිමි වෙලා. ඔවුන් වෙනුවෙන් නිවාස ඉදිකල යුතු වෙනවා. නිවාස අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට නිවස 15,000ක් ඉදිකිරීමට මුදල් වෙන් කර තිබෙනවා. එය අගය කළ යුතු කාරණයක්.

    උතුරු ,නැඟෙන හිර ජනතාවගේ නිවස ප්‍රශ්නය අවසන් කිරීමට සියලු දෙනා එකතු වෙලා කටයුතු කළ යුතු වෙනවා.පසුගිය වසර හතර තුළ හමුදාව සතු ඉඩම් බොහොමයක් මුදාගෙන තිබෙනවා. ජනතාව එම ඉඩම්වල පදිංචි කිරීමට අවධානය යොමු කළ යුතු වෙනවා.දෙමළ ජනතවගේ විශ්වාසය ගොඩනැඟීමට අප කටයුතු කළ යුතු යැයි ද පැවසූ නියෝජ්‍ය අමත්‍යවරිය එම ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට පියවර ගෙන තිබෙනවා යැයි පැවසී ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya