අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සඳහා අඬිතාලමක් දමා තිබෙනවා

    මාර්තු 14, 2019

    ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සඳහා අග්‍රාමාත්‍යතුමා අඬිතාලමක් දමා තිබෙන බවත් දැනුම පදනම් වූ සමාජ ආර්ථික වෙළඳපොළ ක්‍රමයක් සැකසීමට කටයුතු කරන බවත් පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  පවසයි.

    අමාත්‍යවරයා අද (14) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

    ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන,වෘත්තීය පුහුණු  හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය අද විවාදයට ගැනේ. විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සඳහා අග්‍රාමාත්‍යතුමා අඬිතාලමක් දමා තිබෙනවා. දැනුම පදනම් වූ සමාජ ආර්ථික  වෙළඳපොළ ක්‍රමයක් සැකසීමට වෑයක් කරනවා. විෂන් 2025 දැක්ම ඉදිරියට යනවා.මේ වෙනුවෙන් වසර 13ක  අධ්‍යාපන අනිවාර්යය කිරීම, තාක්ෂණ දැනුම ලබාදීමට කටයුතු කරනවා.මැදි ආදායම් උගුලෙන් එළියට ඒමට  උත්සහ කරනවා

    උතුරු පළාත් සංවර්ධනය කරනවා. ඉඩම් වැඩියෙන් නිදහස් කරනවා. ප්‍රශ්නයට දීරගකාලීන විසඳුමක් ලබදෙනවා.  අලුත් නිවාස ඉදිකිරෙනවා.කන්කසන්තුරේ වරාය දියුණු කෙරෙනවා.යාපනයට ජලසැපයුම්  ව්‍යාපෘතිය,වාලච්චේනිය කඩදාසි කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීම ආදී වැඩසටහන් රැසක් සිදු කෙරෙනවා.

    තවත් අවුල් ඇතිකරගන්නේ නැතිව ඉදිරියට යා යුතුයි. ජනාධිපතිවරණයට පෙර කතා කළේ විදුලි පුටු ගැනයි. අද  විදුලි පුවේ ප්‍රශ්නය විසඳා තිබෙනවා. පාට කණ්නාඩි දෙස බලන්නේ නැතිව සියලු පුරවැසියන්ට සමාන  අයිතිවාසිකම් දිය යුතුයි. ආණ්ඩුව සිටින්නේ එතනයි. අප සමාන වගකීමක් ගන්න ඕන. සියලු දේ ඉදිරියට  කරගෙන යනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya