අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සොයාදීම සදහා රජයේ ආයතන මුල්වීම වැදගත්

    මාර්තු 14, 2019

    රැකියා විරහිත තරුණ තරුණියන් සදහා රැකියා අවස්ථා සොයාදීම සම්බන්ධීකරණය කිරීම සදහා රජයේ ආයතන මුල්වීම ඉතා වැදගත් බව මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා පවසයි.

    ඒ තුළින් රැකියා විරහිත තරුණ තරුණියන් රැවටීමට ඇති හැකියාව අවම වනවා මෙන්ම සේව්‍ය සේවක දෙපාර්ශයටම වාසි රැසක් අත්වන බවද පවසයි. දිස්ත්‍රික්ලේකම්වරයා මෙම අදහස් පළ කළේ (12)දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති සේවා යෝජක සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

    රාජ්‍ය ආයතනයක් මූලිකත්වය ගත්විට ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගෙන බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා එබැවින් රැකියා විරහිත තරුණ තරුණියන් සහ රැකියා සැපයීමට ඉදිරිපත් වන සේවා යෝජකයන් අතර මැදිහත්කරණ ක්‍රියාවලිය සිදු කිරීමට මිනිස් බල සහ රැකි රක්ෂා දෙපාර්තමේන්තුවට වැඩි හැකියාවක් තිබෙන බවද පෙන්වා දෙන ලදී.

    කම්කරු සහ වෘත්තිය සමිති සබදතා අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව මහජන රැකියා සේවාවන් පිළිබද ලෝක සංගමයේ ශ්‍රී ලාංකීය සාමාජික ලෙස ජත්‍යන්තරව පිළිගැනීමට ලක් වූ ආයතනයකි. එමෙන්ම මහජන රැකියා සේවාවන් සැපයීම සදහා ශ්‍රී ලංකාව තුළ සිටින එකම නියෝජිත ආයතනය වන්නේද මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවයි.රැකියා ලබාදීමේ හැකියාව ඇති රජයට අනුබද්ධ සහ පෞද්ගලික අංශයේ රැකියා සපයන්න සේවා යෝජකයන් සහ රැකියා විරහිත තරුණ තරුණියන් අතර මැදිහත්කරුවෙක් වශයෙන් කටයුතු කරමින් දෙපාර්ශවයටම සේවයක් ලබාදීම මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි.


    මෙම දෙපාර්තමේන්තුවේ මැදිහත්කරණ ක්‍රියාවලිය නිසා රැකියා විරහිත පුද්ගලයන්ට ඉතා පහසුවෙන් තමන් බලාපොරොත්තු වන රැකියා ක්ෂේත්‍රය යෑමට අවශ්‍ය පසුබිම සළසා දෙන අතර, රැකියා සපයන්නන්ටද ප්‍රචාරණ වියදමකින් තොරව තමන්ට අවශ්‍ය සේවක පාර්ශවය සොයා ගැනීමට හැකියාව ලැබේ.

    මහනුවර දිස්ත්‍රික්ක සේවා යෝජක සමුළුවට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලික සමාගම්වල හිමිකරුවන් 50 කට වැඩි සංඛ්‍යාවක් එක් ව සිටි අතර, තම ආයතනවල හැකියාවන් සහ අවශ්‍යතාවයන් පිළිබද මූලික සාකච්ඡාවක් පවත්වන ලදී. එළඹෙන මාර්තු 30 වැනි දින මහනුවරදී රැකියා පොළක් පවත්වා රැකියා විරහිත තරුණ තරුණියන් තෝරා ගැනීමට මෙම සමුළුවේදී තීරණය විය. මෙම අවස්ථාව සදහා මිනිස්බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලාල් සමරසේකර මහතා ඇතුළු පිරිසක්ද සහභාගී විය.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya