අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ලේ මිලියන  89ක වැඩ අවසන්

    මාර්තු 14, 2019

    දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ (climate resilience improvements project- (CRIP) ගාල්ල දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 89.5ක වැඩ අවසන්ව ඇති බව දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.

    ලෝක බැංකු අරමුදල් මත ,කෘෂිකර්ම ග්‍රාමිය ආර්ථික පශු සම්පත් සංවර්ධන , ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමත්‍යාංශය වෙතින් මෙම වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යංශය  මගින් ව්‍යාපෘති මෙහෙයවා ඇත.

    2017 වසරේ ගාල්ල දිස්ත්‍රික්කයට බපෑ ගං වතුර තත්වය හේතුවෙන් හානියට පත් ග්‍රාමිය මාර්ග සහ යටිතල පහසුකම් නගා සිටුවිම මෙහි මුලිකම අරමුණ විය. 2018 වසරේ සිට මෙම ව්‍යාපෘති ආරම්භ කිරිම සිදුවිය.

    මේ යටතේ ඇල්පිටිය , බද්දෙගම, තවලම, නෙළුව, නාගොඩ, නියාගම , යක්කලමුල්ල, වැලිවිටිය දිවිතුර සහ ඉමදුව යන ප්‍රාදේශිය ලේකම්  බල ප්‍රදේශයන්හි  මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක විය.  මේ ව්‍යාපෘතිය යටතේ  මාර්ග,පාලම් සහ බැති බැමි ඉදි කිරීම සිදුවූ අතර,  ඉලුක්මන්දෙණි මාර්ග, පානිගොඩ ඇලමදුර මාර්ගය, හාල්දොලහෙන මාර්ගය, මාපලගම පනන්ගල මාර්ගය,කුඩුගල්පොල හල්ලකන්ද මාර්ගය, වාඩිපුල්ල බරණවිල මාර්ගය, ඇල උඩුවිල මාර්ගය, මොදරගොඩ දහගල්ල මාර්ගය, ගල්පොත රත්තල්දෙනිය මාර්ගය ආදි ග්‍රාමිය මාර්ග ව්‍යාපෘති 23ක් මේ යටතේ සංවර්ධනය කර ඇත.

    මෙම ව්‍යාපෘති මගින්  ඇති වන ගංවතුර වැනි ආපදා තත්ත්වයන් හේතු කොටගෙන සිදු වන හානි අවම කිරීමට නිර්දේශිතය. එමඟින් දිගු කලක් තිස්සේ ජනතාවට බල පෑ ආපදා හානි රැසකටම දිගුකාලින පිළියම් යෙදීමට හැකියාව සැලසේ. ගාල්ල දිස්ත්‍රික් ලේකම් අධික්ෂණය යටතේ දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය වෙතින් ව්‍යාපෘති මෙහෙයවා ඇති අතර සියළු ව්‍යාපෘති අවසන් කර ඇත.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya