අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති වැය ශීර්ෂය සහ තවත් වැය ශීර්ෂ 21ක් සම්මත වෙයි

    මාර්තු 13, 2019

    අයවැය 2019 කාරක සභා අවස්ථාවේ දී ජනපති වැය ශීර්ෂය සහ තවත් වැය ශීර්ෂ 21ක් පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    වැයශීර්ෂ කාරක සභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදනය කළේ ය.

    ජනපති වැයශීර්ෂයට බෙදීමක් සභාවෙන් ඉල්ලා සිටි අතර එම වැය ශීර්ෂයට බෙදීමක් අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාවට දැනුම් දුන්නේ ය.ඒ අනුව එම වැය ශීර්ෂයට ඡන්දය විමසීමක් සිදු නොවුණි.

    ජනාධිපති,අගමැති,උපරිමාධිකරණ විනිසුරන්,පාර්ලිමේන්තුව,ස්වාධීන කොමිෂන් සභා සහ පාර්ලිමේන්තුවේ සභානායක, ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධයක කාර්යාලය,විපක්ෂ නායක කාර්යාලය ඇතුළු ආයතන 22කට අදාළ වැය ශීර්ෂ අද (13) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya