අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අළෙවිකරණ කටයුතු විසඳා ගැනීමට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහාය

    මාර්තු 13, 2019

    සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරතවුවන්ගේ අලෙවිකරණ ගැටළු විසඳාගැනීම සඳහා අලෙවිකරණය සහ අලෙවි සැකැස්මක් සකස් කිරීම පිළිබඳ මූලික වැඩමුළුවක් 2019 මාර්තු 27 වන දින කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට අයත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් මෙම වැඩ මුළුව සංවිධානය කර ඇත. එහිදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා උපාය මාර්ගික අලෙවි සැලැස්මක් සකස් කිරීම සඳහා මූලික පියවර යෙදීම පිළිබඳව දැණුම ලබා දෙන අතර මෙහිදී අලෙවි සැලැස්ම (Sales Plan) යනු කුමක්ද?  උපාය මාර්ගික අලෙවි සැලැස්මක වැදගත්කම සහ අවශ්‍යතාවය, උපාය මාර්ගික අලෙවි සැලැස්මක් භාවිතයෙන් ව්‍යාපාරයක අලෙවි අවස්ථා වැඩිකරගන්නේ කෙසේද? යන්න පිළිබඳවද දැනුම ලබා දේ.

     

    මෙම වැඩසටහන ව්‍යවසායකයන් සීමිත ප්‍රමාණයක් සඳහා පවත්වනු ලබන අතර වැඩසටහනින් පසු උපාය මාර්ගික අලෙවි සැකැස්ම සම්පූර්ණයෙන් සකස් කිරීමට අවශ්‍ය සේවා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ලබා දෙන අතර එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටළු විසඳා ගැනීමට ද සහාය දෙනු ලැබේ.

     

    වැඩි විස්තර සඳහා මේ පිළිබඳ වැඩි විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කොළඹ දිස්ත්‍රික් කාර්යාලය, අංක 98, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයට ලිපියක් එවීමෙන්ද  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  යන ඊමේල් ලිපිනයට ලිපියක් එවීමෙන්ද  0112815009 යන දුරකථන අංකයට ඇමතීමෙන්ද ලබා ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya