අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොමිෂන් සභා හරහා සිදුවන යහපත් දේ මෙන් ම අයහපත් දේ පිළිබඳව කල්පනාකාරිව සිතා බැලිය යුතුයි

    මාර්තු 13, 2019

    කොමිෂන් සභා හරහා සිදුවන යහපත් දේ මෙන් ම අයහපත් දේ පිළිබඳව කල්පනාකාරිව සිතා බැලිය යුතු බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2019 කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව  පැවසී ය

    කොමිෂන් සභා හරහා යහපත් දේ මෙන් ම අයහපත් දේ සිදුවෙනවා ද කියලා කල්පනාකාරිව බලන්න  ඕන.කොමිෂන්සභාවලින් අමත්‍යාංශවල සංවර්ධනයට සිදුවන හානිය හා පාඩුවක්  වෙනවා නම්, ඒවා ගණනය කර ඒවා නිවැරැදි කළ යුතුයි. සුපරික්ෂාවක් කතානායකවරය හරහා සිදු නොවුණොත්   ගැටළුවක් ඇති වෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීමට කොමිෂන් සභාවට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදිය යුතුයි. ඉදිරියේ දී මේවා නිවැරැදි කළ යුතුයි. කොමිෂන් සභාවට ප්‍රතිපත්ති තීරණය කරන්න බෑ. ඒ සඳහා කොමිෂන් සභා මැදිහත් වුණොත් බරපතල ප්‍රශ්නයක්.
    මේ සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා. අලුතෙන් මේ සම්බන්ධව හිතන්න වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya