අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රේල් 1 දා සිට වතුකම්කරුවන්ට රුපියල් 50ක විශේෂ දීමනාවක්

    මාර්තු 13, 2019

    වතු කම්කරුවන්ට අප්‍රේල් 1 දා සිට වසරක කාලයක් සඳහා මාසයකට රුපිටල් 50 බැගින් විශේෂ දීමනාවක් ගෙවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කොට ඇත.

    මෙය වතු කම්කරු ජනතාවට නියෝජනය කරන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ වී. රාධක්‍රිෂ්ණන් යන ඇමතිවරුන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සංධානය, වතු වෘත්තීය සමිති වෘත්තීය සමිති හා වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා සමඟ සාකච්ඡා කොට ගනු ලැබූ තීරණයක් බව ද මුදල් ඇමති මංගල සමරවීර මහතා සිය අමාත්‍යාංශයේ අද (13)පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

    වතු කම්කරුවන්ට මෙම විශේෂ දීමනාව ගෙවන්නේ භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව තේ අරමුදලින් බවත් පසුව එය එම අරමුදලට ප්‍රතිපූරණය කරන බවත් ඇමතිවරයා කීය.

    මේ අනුව වතු කමිකරුවන්ගේ දෛනික වැටුප රුපියල් 800 දක්වා ඉහළ යන බවද සමරවීර මහතා පෙන්වා දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya