අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අනු කමිටු 6ක්

    මාර්තු 13, 2019

    අය වැය යෝජනා කඩිනමින් ත්‍රියාත්මක කොට යථාර්ථයක් බවට පක්කිරීම සඳහා තමා විසින් අනු කමිටු 6ක් පත් කරන බවත් දැනටමත් ඉන් එක් කමිටුවක් පත්කොට ඇති බවත් මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට ඇත්තේ මාස 7ක් වැනි සුළු කාලයක් පමණි. ඒ නිසා වඩාත් ප්‍රමුඛතාවය දිය යුතු යෝජනා මෙම කමිටු මඟින් ක්‍රියාත්මක කිරීමට යන අතර ඒ පිළිබඳ වගකීම එම කමිටුව වෙත පැවරෙන බවද අද(13) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කීය.

    මේ වසරේ (2019) උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී ප්‍රථම තැන ගන්නා සිසුන් 14 දෙනෙකුට ඉහළ පෙළේ විදේශ විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රමයක් මෙවර අයවැයෙන් යෝජනා කොට ඇත. ඒ සඳහා රුපියල් මිලියන 168ක මුදලක් ද වෙන්කොට තිබේ. 2020 වසරේදී මෙම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 30 දක්වා වැඩිකොට දිස්ත්‍රික්ක මට්ටමෙන් ඉහළ දක්ෂතා දක්වන සිසුන්ට ද අවස්ථාව ලබාදීමට අදහස් කරන බව ද ඇමතිවරයා කීය.

    මසකට රුපියල් 5000කට වඩා පොලියක් ලැබෙන ළමා ඉතුරුම් ගිණුම් වලින් බදු අයකරන බවට එල්ල වන චෝදනා ගැන මෙහිදී සඳහන් කළ මුදල් ඇමතිවරයා මසකට රුපියල් 5000ක පොලීයක් ලැබීමට නම් එම ගිණුමේ රුපියල් ලක්ෂ 12ක් තිබිය යුතු බවත් එතරම් විශාල මුදලක් ගිණුමේ තිබෙන අයගෙන් බදු අය කිරීමේ කිසිදු වරදක් නැති බවත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya