අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එ.ජා.මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වන යෝජනා ආපසු හරවන්න එපා

    මාර්තු 13, 2019

    එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම අනුග්‍රහනය දක්වන යෝජනා  වෙනස් නොකරන ලෙසත් ශ්‍රී ලංකාව මේ වනවිට ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම්  කවුන්සිලය ශ්‍රී ලංකාවට ප්‍රශංසා කර තිබෙන බවත් පියවරෙන් පියවර ප්‍රශ්න විසඳීමට කටයුතු කර තිබෙන බවත්  මෙම යෝජනා ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙසත් සභානායක,අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2019 කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

    එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම අනුග්‍රහනය දක්වන යෝජනාවක් ඉදිරිපත් කර  තිබෙනවා. මෙය ලංකාවට විරුද්ධව ගෙන එන යෝජනාවක් කියනවා. විවේචනය කරන අය කියෙව්වද කියලා.  අප යෝජනාවෙන් ප්‍රසංසා කර තිබෙනවා 11 වතාවක්.ශ්‍රී ලංකා රජය ගත පියවර වර්ණනා කරනවා. ඇයි මේ යෝජනා වෙනස් කරන්න යන්නේ. පසුගිය වසර තුන දී ඇති වූ ප්‍රගතිය වර්නනා කරනවා.එම ප්‍රගතිය  වැඩි දියුණු කළ යුතුයි.

    මහින්ද රාජපක්ෂ කාලයේ අප සිටියේ ආර්ථික සම්භාධක අබියසයි. අවුරුදු 10 ගිහිල්ලා ලංකාවට විරුද්ධව  යෝජනා සම්මත වුණා. එදා එක වුණේ. අපේ වගකීම අප තේරුම් ගත යුතුයි. අපි මේවා අභිබවා ගියොත්  ප්‍රශ්නයක්.අප අපේ සීමාවන් හඳුනාගන්න ඕන.ජනාධිපතිතුමා ජයග්‍රහනය කළේ අපියි. එතුමාගේ බලතල විශාල  ප්‍රමාණයක් දෙන්න කැමැති වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්ව දෙන්න නොහැකි බව. අපි කළ දෙයක් නොවේ.සීමාව  ඉක්මව ගියාම මැදිහත් වෙන්න වෙනවා

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ප්‍රධාන අය කියලා තිබෙනවා, සියලු ජාතීන්ට පිළිගන්න පුළුවන්  ව්‍යවස්ථාවක් හැදුවොත් සමහර බරපතල යෝජනා ලිහිල් කරගන්න පුළුවන් කියලා තියෙනවා. පළාත් සභා ශක්තිමත් කිරීමට ඔක්කොම කැමැතියි. මේ යෝජනා වෙනස් කරන්න එපා. විශාල ලෙස ආපස්සට  යෑමක් සිදු වන බවද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya