අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රීමාන සෞඛ්‍ය තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරීම මාර්තු මස සිට - සුව ඇමැති

    පෙබරවාරි 28, 2019

    ත්‍රීමාන සෞඛ්‍ය තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරිම කොළඹ ජාතික රෝහලේ ලබන මාසයේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ 26 වන වාර්ෂික සැසිවාරය සහ නව වෛද්‍ය පර්යේෂණ එළිදැක්වීමේ සමාරම්භක උත්සවයට  එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    කොළඹ ගලධාරි හෝටලයේ උත්සවය පැවැත්වුනේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ එම සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

    “හතරවන කාර්මික විප්ලවය සහ සෞඛ්‍ය සේවය” යන තේමාව යටතේ මෙම සැසිවාරය තෙදිනක් පුරා පැවැත්වෙයි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “මම මගේ කථාව ප්‍රශ්නයකින් ආරම්භ කරනවා. දේශපාලනයට සෞඛ්‍ය ගැලපෙනවා ද, දේශපාලනය නැතිව සෞඛ්‍ය සංවර්ධනය කළ හැකි ද යන්න එම ප්‍රශ්නයයි. එම ප්‍රශ්නයට පිළිතුර පසුගිය වසර 03 තුළ දී ඔබට දක්නට ලැබුනා. 04 වන කාර්මික විප්ලවය සහ සෞඛ්‍ය සේවාව කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. තොරතුරු බෙදාහැරිමට එය මහෝපකාරි වෙනවා. පළමුවන සහ දෙවන කාර්මික විප්ලව වල දී නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කළා. විවිධ ජාතීන් නාගරීකරණය වීම ද මෙහිදී සිදු වුනා. මහජන සෞඛ්‍ය පිළිබදව අවධානය යොමු කළ අතර, රජයන් විසින් මහජන සෞඛ්‍ය සේවාව සදහා නව රෙගුලාසි හදුන්වා දුන්නා. එහෙත් ඇතැම් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් නොසලකා හැරීමක් සිදුව තිබෙනවා. කාර්මිකරණයත් සමග සමාජවාදය සහ දේශපාලන දර්ශන බිහි වුනා. මුද්‍රණ කටයුතු පුළුල් වුනා. නමුත් අද වනවිට සමාජ මාධ්‍ය ප්‍රබල වී තිබෙනවා. 03 වන කාර්මික විප්ලවය තුලින් පරිගණකය බිහි වුනා. තොරතුරු හුවමාරු කිරීම පහසු වූ අතර, ඩි.එන්.ඒ ද්විත්ව සර්පිලාකාර සැළස්ම සොයා ගැනුනා. ඇතැම් ඖෂධ වර්ග සොයා ගත් අතර, ආර්ථිකය, සමාජය වෙනස් වුනා. නව වෙළෙදපොල නිර්මාණය වුනා. ඇතැම් අර්බුද නිමා කිරීම සදහා අපට ද සටන් කිරීමට සිදු වුනා. ජීවන පැවැත්මේ වෙනස්වීම් සිදු වූ අතර, දුම්කොළ භාවිතයෙන් සිදුවන අහිතකර දෑ සොයා ගැනුනා. මේ පිළිබදව දේශපාලන නායකත්වය අවධානය යොමු කිරිම ද ඉතාම වැදගත්.”

    “04 වන කාර්මික විප්ලවයේ දී සයිබර් භෞතික ක්‍රමවේද පිළිබද අවධානය යොමු කර තිබෙනවා. ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව, පුද්ගලයාගේ ජාන සංයුතියට අනුව ප්‍රතිකාර කිරිම, පෞද්ගලික වෛද්‍ය සේවා කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. සෞඛ්‍ය සහ වෛද්‍ය ප්‍රතිකාර වල අනාගතය වන්නේ මෙම වෛද්‍ය ක්‍රමයි. වර්තමානයේ ඖෂධ සොයා ගැනීම රසායනාගාර මගින් පමණක් නොව පරිගණක මගින් ද සිදු වෙනවා. සායනික තොරතුරු ගබඩා කර ගත හැකි පද්ධතියක් ද ක්‍රියාත්මකයි. වසර 50 කට පෙර දුම්කොළවල හානිය සොයා ගත්තත් දුම්කොළ පාලනයට නීති රීති සකස් කිරීමට ද වසර 50 ක කාලයක් ගත වුනා. ජීවන තත්ත්වයේ වෙනස්වීම් නිසා බෝනොවන රෝග ඇතිවීමේ අවධානම ද වැඩි වී තිබෙනවා. ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දුන්නේ ද සෞඛ්‍ය සේවාවේ නව දැක්මක් ලෙසයි. දේශපාලන මැදිහත්වීම් සහ කළමණාකරණය තුලින් සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙනයාමේ දී වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය නව තාක්ෂණය භාවිත කිරිම මම අගය කරනවා. ප්‍රතිපත්ති සම්පාදනයේ දී එය ඉතා වැදගත් වෙනවා.”

    මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය - “වර්තමානයේ අපට අවශ්‍ය වී ඇත්තේ කර්මික විප්ලයක් තුලින් සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙනයාමයි. එහිදී සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරිම ඉතාම වැදගත්. වෛද්‍ය ප්‍රතිකාර සිදු කිරීමේ දී එය පහසු වෙනවා. මාගේ නායකත්වය යටතේ මෙම සැසිවාරයේ තේමාව තෝරා ගැනීම ඉතාම කාලෝචිතයි. අපගේ ඉළක්කය සෞඛ්‍ය සේවාව ඩිජිටල් කිරිම තුලින් නව සෞඛ්‍ය සේවාවක් බිහි කිරීමයි. මේ පිළිබදව මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හමු වූ අවස්ථාවේ දී ද කරුණු පැහැදිලි කළා. වර්තමානයේ මානව සම්පත තුලින් අපි රාජකාරී කටයුතු සිදු කරනවා. අපේ සංගමය විසින් සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.”

    සෞඛ්‍ය සේවාවට කළ විශිෂ්ට සේවාව අගය කරමින් වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට විශේෂ සම්මානයක් ද පිරිනමන ලදි. තව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා ෆෙන්සේ මහත්මියට ද සම්මානයක් පිරිනමන ලදි. තව ද වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සාමාජිකයින්ට ඇගයීම් සම්මාන ද පිරිනැමූ අතර මෙම අවස්ථාවට වෛද්‍ය පරිපාලකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya