අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නිදහස් මාධ්‍ය මෙන්ම මාධ්‍ය සදාචාරයත් අවශ්‍යයි- ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය

    පෙබරවාරි 25, 2019

    ජනතාවට ඇත්ත දැනගැනීමට සැලැස්වීම මාධ්‍යවේදීන්ගේ යුතුකම හා වගකීමයි. ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන්නේ මාධ්‍ය නිසයි. ඒ සඳහා නිදහස් මාධ්‍ය වගේම මාධ්‍ය සදාචාරයත් තිබිය යුතුයයි'' ජනමාධ්‍ය  කැබිනට් නොවන ඇමති හා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා පවසයි.

    ඒ මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණ අද (25) උදේ වැඩ භාර ගැනීමෙන් පසු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති පිළිගැනීමේ උත්සවයේදී මේ බව පැවසීය.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමාට මෙම අමාත්‍ය ධූරය ලබා දුන්නේ තමා කෙරෙහි එතුමා තුළ පවතින දැඩි විශ්වාසය නිසා බවත් තමා අභියෝගයක් වූ මෙම අමාත්‍ය ධූරය භාරගත්තේ මේ රටේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ඇතුළු සියලුම මාධ්‍යවලට සේවයක් කිරීමට බවත් ඇමතිවරයා මෙහිදී තවදුරටත් කීය.

    එසේම සිය වෘත්තිය තුළ අභිමානයක් ගොඩනගාගත හැකි වාතාවරණයක් ජනමාධ්‍යවේදීන් උදාකර දීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට තමා බලාපොරොත්තු වන බවද ඇමතිවරයා කීය.

    රුවන් විජේවර්ධන මහතා මෙසේද පැවසීය. මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ගමන් මාධ්‍ය සදාචාරය ගැනත් බැලිය යුතුයි. මේ රටේ මාධ්‍ය සදාචාරය ගොඩනගා ගන්නේ කොහොමද කියන එක ගැනත් සමාජ මාධ්‍ය පිළිබඳවත් අපේ අවධානය යොමුකරන්න ඕන.

    මේ රටේ ජනතාවට ඇත්ත දැනගැනීමට සැලැස්වීම මාධ්‍යවේදීන් හැටියට අපේ යුතුකමක් හා වගකීමක්. මාධ්‍යවේදීන්ගේ වගකීම ජනතාව දැනුවත් කිරීමයි. එවැනි දේවල් වලට අපි මැදිහත් වියයුතුයි.

    මාධ්‍ය මගින් ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කළ හැකියි. ඒ සඳහා නිදහස් මාධ්‍ය වගේම මාධ්‍ය සදාචාරයත් තියෙන්න ඕන. ඒ සඳහා සම්පූර්ණ සහායදීමට අමාත්‍යාංශයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් මාධ්‍ය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස අමාත්‍යාංශයේත් ඒ යටතේ ඇති ආයතන වල ප්‍රධානීන් ගෙනුත් සෙසු කාර්ය මණ්ඩල වලිනුත් මා ඉල්ලා සිටිනවා.

    කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා, කලකට පසු ජනමාධ්‍ය අමාත්‍යාංශයට ජනමාධ්‍ය පිළිබද අවබෝධයක් තිබෙන ඇමතිවරයකු පත්වීම ගැන සතුටුවන බව කීය. රජයේ හා පෞද්ගලික මාධ්‍ය මඟින් රජයේ පණිවුඩය ජනතාව අතරට ගෙනයාමට නව ඇමති රුවන් විජේවර්ධන මහතාට හැකිවනු ඇතැයි ද හැරිසන් සහතා පැවසීය.

    ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණික ඇමති අජිත් පී. පෙරේරා මහතා, රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍යවේදියෙකු වශයෙන් ද කටයුතු කොට ඇති බැවින් ජනමාධ්‍ය විෂය පිළිබඳව ගැටලු විසඳීමට එතුමාට ඉතා පහසු වනු ඇති බවත් කීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුමාරසිංහ , ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණි ගුණවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව යන මහත්ම මහත්මීන්ද මෙහිදී කතා කළහ. අමාත්‍යාංශය යටතේ ඇති සියලුම අමාත්‍යාංශවල ප්‍රධානීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya