අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි ගාස්තු ඉහළ දැමීමට කිසිදු ආකාරයකින් කටයුතු කරන්නේ නෑ - අමාත්‍ය රවී කරුණානායක

    පෙබරවාරි 25, 2019

    කිසිදු අයුරකින් විදුලි ගාස්තු ඉහළ නොදමන බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    විදුලි ගාස්තු ඉහළ දමා පාරිභෝගිකයන් අසීරුතාවයට පත් කිරීම නොව විදුලි ගාස්තු පහළ දැමීමට ඇති හැකියාව පිළිබද තමන් සළකා බලමින් සිටින බවද රවී කරුණානායක අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මහනුවරදී අස්ගිරි සහ මල්වතු මහානායක ස්වාමින් වහන්සේලා බැහැ දැකීම සදහා පැමිණ අවස්ථාවේදීය.

    පාරිභෝගිකයා වෙත විදුලිය ලබා දීමේදී මේ වන විට විදුලි ඒකකයක් නිපදවීම සදහා රුපියල් 23 ත් 24 ත් අතර මුදලක් නිෂ්පාදන පිරිවැය වශයෙන් දැරීමට සිදු වුවත් එය අලෙවි කරන්නේ රුපියල් 16 ක මිළකට බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. නිෂ්පාදන පිරිවැය සහ අලෙවිය අතර එවැනි සැලකිය යුතු අලාභයක් තිබුනත් පාරිභෝගිකයා අපහසුතාවයට ලක් කොට එම පාඩුව පියවා ගැනීම සුදුසු නොවන බවද පැවසීය. එබැවින්, විදුලි බලය ජනනය කිරීම සදහා වැය වන නිෂ්පාදන වියදම අඩු කිරීම සහ දූෂණය නැති කිරීම තුළින් මෙම තත්වය පාලනය කිරීමට හැකියාව ඇති බව පැවසු අමාත්‍යවරයා ඒ සදහා ඒ සදහා තමන් නොබියව කටයුතු කරන බවද පැවසීය. තව දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා ජනතා හිතවාදීව වැඩකටයුතු කරගෙන යෑමේදී සුළු පිරිසක් ඊට බාධා කරන බවත් පවතින තත්වය විකෘති කර පෙන්වමින් ජනමාධ්‍යන්ද යොදා
    ගනිමින් එම පිරිස එම ජනහිතකාමි කටයුතු සදහා අකුල් හෙලන බවත් පැවසීය.

    මුලින් අස්ගිරි මහා විහාරයට ගිය අමාත්‍ය රවී කරුණානායක මහතා අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා ලදී. අනතුරුව මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දැක උන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්නා ලදී.


    මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී චානක අයිලප්පෙරුම මහතා සහ ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya