අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධ විහාරස්ථාන හා ස්මාරක සංරක්ෂණය කිරීමේදී විධිමත් වැඩපිළිවෙලක් දියත් කරනවා - අග්‍රාමාත්‍ය

    පෙබරවාරි 25, 2019

    බෞද්ධ විහාරස්ථාන හා ස්මාරක සංරක්ෂණය කිරීමේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ විහාරාධිපති හිමිවරුන් අතර ඇති වන ඇතැම් ගැටළුකාරි තත්වයන් නිරාකරණය කිරීම සදහා පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ සදහා සංස්කෘතික අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට උචිත වැඩපිළිවෙලක් දියත් කිරීමට ඉදිරියේදී කටයුතු යොදන බවද අග්‍රාමත්‍යවරයා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (24) මහනුවරට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුවය.

    මෙම අවස්ථාව සදහා අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර, මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරුද සහභාගී වූහ.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya