අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට නව නිවාස

    පෙබරවාරි 25, 2019

    2018 වසරේ ආසියානු දැල් පන්දු ශූරතාවලියේ ශූරතාව හිමිකර ගත් හා ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාට සහ අංගම්පොර සටන් ශිල්පී මහන්ත ආරච්චිගේ නොයෙල් අජන්ත පෙරේරාට නව නිවාස පිරිනැමීම නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලදී.

    නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නොමිලේ මෙම නිවාස පිරිනැමුණ අතර සියලු පහසුකම් සහිත මෙම එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් වේ.

     2018 වසරේ ආසියානු දැල් පන්දු ශූරතාවලියේ ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගෙන ඇත. අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ පදිංචි අංගම්පොර සටන් ශිල්පී මහන්ත ආරච්චිගේ නොයෙල් අජන්ත පෙරේරා මහතා දේශයේ වියැකී යන අංගම්පොර ක්‍රීඩා කලාව ජාත්‍යන්තරයට ඔසවා තැබූ ශ්‍රී ලාංකීය එකම සටන් ක්‍රීඩකයාය.

     එළැඹෙන මැයි මාසයේ සැම්බියාවේදී පැවැත්වෙන දැල්පන්දු තරගාවලියට සහභාගීවීමට නියමිත 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ගුවන් ටිකට් පත් ලබා ගැනීම සඳහා වැයවන රුපියල් ලක්ෂ 42 කට අධික මුදල තමන් පෞද්ගලික ධානපතින්ගේ සහයෝගය ඇතිව නොමිලේ ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදි පොරොන්දු විය.

     මෙම අවස්ථාවට ජලනි ප්‍රේමදාස මැතිණිය, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ශාන්ත කහවල යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya