මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ හැදෑරීමට සවියක් වෙමින් මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව 150ක්

    පෙබරවාරි 24, 2019

    ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉන්දීය රජයේ සහයෝගය ඇති ව 11 වැනි වරටත් සංවිධානය කරන ලද මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පසුගියදා  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි.

    ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජය ලබාදෙන්නා වූ සහයෝගය අගය කරන බව ද, දුෂ්කරතා සහ අභියෝග මැද ජීවිතය ජයගන්නට උත්සාහ දරන පාසල් දරුවන්ට මෙවැනි ශිෂ්‍යත්ව වැඩපිළිවෙළක් සැබෑ අත්වැලක් වන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.

    ඉන්දියානු නිදහස් අරගලයේ පුරෝගාමියෙකු වන ගාන්ධිතුමා සැමරීම සඳහා මෙම මහත්මා ගාන්ධි ශිෂ්‍යත්වය ඉන්දීය රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මඟින් වසරක් පාසා පිරිනමනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya