අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු රජයේ ආධාර ඇතිව උතුරේ තරුණ ප්‍රජාව සඳහා ව්‍යවසායකත්වය හදුන්වා දීමට පියවර

    පෙබරවාරි 24, 2019

    රජය විසින් පුද්ගලික අංශය සමඟ එක්ව උතුරු පළාතේ තරුණ තරුණියන් සඳහා තාක්ෂණ අංශයෙහි ව්‍යවසායන් සංවර්ධනය කිරීම වේගවත් කිරීමට මුල් අවස්ථාවේ පවතින ව්‍යාපාර සඳහා ව්‍යාපාර මධ්‍යස්ථානයක් (ඉන්කියුබේටර්) ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටී ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය විසින්  පෙබරවාරි මස 21 වන දින මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර යාපනයේ තොරතුරු තාක්ෂණ සහ වෙනත් ක්ෂේත්ර සඳහා පහසුකම් වේගවත් කිරීම් වෙනුවෙන් ව්‍යාපාරික මධ්‍යස්ථානය සඳහා යටිතල පහසුකම් සැපයීමට ඉන්දියානු රජය මුල්‍ය ආධාර ලබා දී ඇත.


    තරුණ ව්‍යවසායකයන්ගේ අදහස් සංවර්ධනය කිරීම හා ව්‍යාපාර සඳහා උනන්දුවක් දක්වන්නට අවශ්‍ය වන පරිදි පවතින ව්‍යවසායකයින්ගේ අවශ්‍යතාවයන් අනුව පැහැදිලි ව්‍යවසායක පරිසර පද්ධතියක් ගොඩ නැගීම ශ්‍රී ලංකාව ට අවශ්‍ය වේ. එබැවි රට තුළ ව්‍යවසායකත්ව පරිසර පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහාත්, වැඩි දියුණු කළ සහ වර්ධනයට භාජනය වූ පරිසරය මත ව්‍යවසායකයින්ගේඋන්නතිය සඳහා දායකත්වය ලබා දීමටත් රජය කටයුතු කරමින් සිටියි.


    ව්‍යවසායකත්වය, රැකියා සහ යටිතල පහසුකම් සංවර්ධනයන් තුළ ව්‍යාපාර ආරම්භක ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් පවතී. මෙහිදී ආරම්භක සමාගම්වලට නවීනතම පහසුකම් සහිතව ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කළ හැකිය.

    මෙම අවබෝධතා ගිවිසුම යටතේ පිහිටුවන ලද යෝජිත ව්‍යපාර මධ්‍යස්ථානය මගින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන ආයතන සහ ධාරිතාවයන්, කණ්ඩායම් සහ ආයතන සඳහා ආරම්භ කිරීමට උනන්දු කරවන ධාරිතාවයන් ලබා දෙයි. ආරම්භක මට්ටමේ දී දැනුම හා කුසලතා පුළුල් කිරීම, වැඩි දියුණු කිරීම ජාත්‍යන්තර වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීම, අනාගතයේදී උතුරු කලාපය තුළ ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරික අවකාශයද ලබා දෙනු ඇත.

    මෙම මධ්‍යස්ථානය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM) සඳහා පමනක් සීමා නොකෙරෙන අතර කෘෂි තාක්ෂණය, ආහාර තාක්ෂණය, ජෛව තාක්ෂණය, සංචාරක වැනි ක්ෂේත්රද ආවරණය වන පරිදි කටයුතු කෙරේ. මෙම ව්‍යාපෘතිය හරහා උතුරු පළාතේ උගත් තරුණ ප්‍ර‍ජාව කුසලතා පූර්ණ වශයෙන් උපයෝගී කර ගැනීමට රජය අපේක්ෂා කරයි. උතුරු කලාපයේ තරුණ තරුණියන්ට ගෝලීය වටිනාකම් සමඟ සම්බන්ධ වීමටත්, කලාපයේ ආර්ථික වර්ධනය සඳහා දායක වීමටත් මෙය දායක වනු ඇත. අනෙක් අතට, තරුණ තරුණියන් වෙනත් රටවලට සංක්‍රමණය වීමේ සම්භාවිතාව අවම කිරීමට ද අපේක්ෂා කෙරේ.

    සමෘද්ධිමත් මධ්‍යම පන්තියක් ගොඩනැඟීම මගින් උතුරු කලාපය සමාජමය හා ආර්ථික වශයෙන් වැදගත් කලාපයක් ලෙස ස්ථානගත කිරීම සඳහා මෙම ප්‍රයත්නය දායක වනු ඇත. මෙම ව්‍යාපෘතිය මගින් කලාපයේ ආර්ථික වර්ධනය හා රටේ ආර්ථික වර්ධනයට දායක‍්වයක් ලැබෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya