මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බැංකු ආධාර මත නව ජංගම ජල පර්යේෂණාගාරයක්

    පෙබරවාරි 23, 2019

    ශ්‍රී ලංකාවේ ජල පර්යේෂණ කටයුතු සංවර්ධනය උදෙසා ලෝක බැංකු ආධාර යටතේ නව ජල පර්යේෂණාගාරයක් ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට පිරිනමන ලදි.

    ජංගම ජල පර්යේෂණාගාරය ප්‍රදානය කිරීමේ උත්සවය නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ පිහිටි ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේදී ඊයේ (22) පැවැත්වීය.

    ග්‍රාමීය ප්‍රජාව පරිභෝජනය කරන පානීය ජලයේ පිරිසිදු බව පරීක්ෂා කිරීමට මෙම පර්යේෂණාගාරයෙන් හැකියාව ලැබෙන බවත්, විශාල ව්‍යාපෘතියක් ලෙස මේ සඳහා ලෝක බැංකු ආධාර ලැබීම පිළිබඳව තමා සතුටට පත්වන අතරම මෙවැනි නව ව්‍යාපෘති හරහා සියලු දෙනාටම පිරිසිදු ජලය ලබා ගැනීමට අවස්ථාව උදාවෙන බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය.

    සාධාරණ මිලකට ග්‍රාමීය ජනතාවට තමන් පානය කරන ජලය පරීක්ෂා කර ගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඇරඹෙන මෙම වැඩපිළිවෙල ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරන දැවැන්ත වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක වන බව නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා කීය.

    මීට අමතරව ග්‍රාමීය ප්‍රජාව මුල් කරගත් දෙපාර්තමේන්තුවක් ලෙස ග්‍රාමීය ජනතාවට සේවයක් කිරීම අරමුණු කර ගනිමින් සීමිත සම්පත් ප්‍රමාණයක් මගින් උපරිම සේවාවක් සැලසීම ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අභිප්‍රාය බව ද එහි අධ්‍යක්ෂ ජනරාල් ජයතිලක හේරත් මහතා පැවසීය.

    මාර්තු මස පළමුවැනිදා (01) ආරම්භ කරන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නව පර්යේෂණාගාරය විවෘත කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් හා සම්බන්ධීකරණ ලේකම්වරු, ලෝක බැංකුව නියෝජනය කරමින් ව්‍යාපෘති කටයුතු නිරීක්ෂණය කරන පතීභා මහත්මිය, ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ එන්.ඒ. රණතුංග මහතා, ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ නිලදාරීන් හා ඉංජිනේරුවරුන් සහ ප්‍රජා ජල සංවිධානවල නියෝජිත මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya