අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය මාතලේ දී

    පෙබරවාරි 23, 2019

    එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් ණය ලබා ගැනීමට අපේක්ෂාකරන කණ්ඩායම් දැනුවත් කිරිමේ ජංගම සේවාවක් මාතලේ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ස්ථාන පහකදී පැවැත්වීමට එන්ටප්‍රයිස් ශ්‍රි ලංකා හා ගම්පෙරලිය ප්‍රගති සමාලෝචන රැස්වීමේදී තීරණය විය.

    මාර්තු 07 දඹුල්ල, මාර්තු 08 ගලේවෙල හා පල්ලේපෙල, මාර්තු 14 නාඋල, මාර්තු 15 රත්තොට හා අඹන්ගග කෝරළේ, මාර්තු 18 මාතලේ , උකුවෙල හා යටවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි ජංගම සේවාවන් පැවැත්වේ.


    එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන පොලි යටතේ ව්‍යාපාර ඇරඹීමට හා ව්‍යාපාර දියුණු කරගැනීමට බැංකු ණය ලබාගැනීමට යාමේදී ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්වන බවට ලැබී ඇති වාර්තා සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ. මෙම ජංගම සේවය සදහා බැංකු ආයතන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින් , මහජන නියෝජිතයන් සහභාගි වීමට නියමිතය. ණය ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට ණය ලබාගැනීමට නොහැකි හේතුන් හා එම අඩුපාඩු නිවැරදි කරගන්නා ආකාරය පිළිබදව මෙහිදී දැනුවත් කිරීමට නියමිතය.


    මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට සංචාරක සංවර්ධන , වනජීවි හා ක්‍රිස්තියානු කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණි විජේරත්න, දඹුල්ල සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ප්‍රියාන් විජේරත්න මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා සජීවා විතානගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya