මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කන්නයට පමණක් සීමා වූ කුඹුරු අක්කර දසදහසක් යාන් ඔය ජලයෙන් යල කන්නයේදී අස්වැද්දීමට පියවර

    පෙබරවාරි 23, 2019

    මෙවර යල කන්නයේදී යාන් ඔය ජලාශය යටතේ මහ කන්නයට පමණක් අස්වැද්දු කුඹුරු අක්කර 10,500ක් සඳහා ජලය නිකුත් කළ හැකි බව යාන් ඔය ව්‍යාපාති අධ්‍යක්ෂ උදය හේම කුමාර මහතා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාට දැන්වීය.

    මේවනවිට යාන් ඔය ජලාශයේ සිට පදවිය දක්වා කිලෝමීටර් 18ක් වම් ඉවුර ඉදිකරනු ලබන ඇළ මාර්ගයෙහි වැඩකටයුතු අගෝස්තු මස වනවිට නිම කළ හැකි බවත්, එමඟින් පදවිය වැව හරහා යාය7 සිට 13 දක්වා කුඹුරු සඳහා ජලය ලබා දිය හැකි බව හෙතෙම අමාත්‍යවරයාට දැන්වීය.එමඟින් මහ කන්නයේ පමණක් අස්වැද්දූ කුඹුරු අක්කර 5000ක් නැවත යල කන්නයේදී වගා කළ හැකි බව එහිදී පැවසීය.

    ඒ සමඟම දකුණු ඉවුර ඇළ මාර්ගය යටතේ කිලෝමීටර් 12.5ක දුරක් ඉදි කරනු ලබන ත්‍රිකුණාමලය මයිලවැව දක්වා ඇළ මාර්ගය ද 80%ක් මේවනවිට වැඩ නිම කළ ඇති බවත්, එමඟින් මහආලන්කුලම හා නීලපංචන්කුලම වැව් මඟින් කුඹුරු අක්කර 4000ක් යල කන්නයේදී වගා කළ හැකි බව ඒ මහතා කීය.

    මේ සමඟම පුල්මුඩේ යාන් ඔය අමුණු මඟින් මහ කන්නයට පමණක් සිමා වූ කුඹුරු අක්කර 1500ක් පමණ වගා කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් කීය.

    යාන් ඔය ජලාශයට යටවූ ගම්මාන වෙනුවෙන් අලුතෙන් කුඹුරු හෙක්ටයාර් 300ක් අස්වද්දන බවත්,මේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉස්වැව ඕමාරගම ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කජුවත්ත කොහොඹගස්වැව හා මල්තෝරව යන ප්‍රදේශවල ගොවීන් වෙනුවෙන් මෙම කුඹුරු ලබා දීමේදී පැන නැගී ඇති ගැටළු තමා මැදිහත්ව පරිසර අධිකාරිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ විසඳූ බව අමාත්‍ය පී.හැරිසන් මහතා මෙහිදී පැවසීය.

    යාන් ඔය වර්තමාන ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍යවරයා කළ සංචාරයේදී වම් ඉවුර හා දකුණු ඉවුර ඇළවේලි ඉදිකිරීම් කටයුතු කඩිනම් කර ජනතාවට සෙත සලසන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    මේවනවිට ජලාශය 100% ක් ජලයෙන් පිරී ඇති බවත්, ජලාශය තුළ ජලය අක්කර  අඩි 138,000ක් පවතින බව නේවාසික ඉංජිනේරු ප්‍රගීත් වැලිවිට මහතා මෙහිදී පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya