අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඉදි කළ වකුගඩු රෝගී සහන සත්කාර සහ සුබසාධන මාධ්‍යස්ථානය ජනපති සුරතින් විවෘත කෙරේ

    පෙබරවාරි 22, 2019

    වකුගඩු රෝගී ජනතාව වෙනුවෙන් ඉදි කරන ලද වකුගඩු රෝගී සහන සත්කාර හා සුබ සාධන මධ්‍යස්ථානය පෙබරවාරි 25 වැනි දින ප.ව. 2.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරිමට කටයුතු යොදා තිබේ.

     මෙම සත් මහල් වකුගඩු රෝගී සහන මධ්‍යස්ථානයේ රුධිර කාන්දුකරණ ඒකකයකින් සහ රෝගී ජනතාවට නේවාසික වීමට අවශ්‍ය නේවාසිකාගාරයකින් සමන්විතය.

    මීට අමතරව වකුගඩු රෝගින් පෙර හදුනාගැනීම් සායන හා පරික්ෂණ පහසුකම්, උපදේශන පහසුකම් සහ රෝග නිවාරණය සදහා අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීමේ පහසුකම්ද මෙම මධ්‍යස්ථානය තුළින් ලබා ගත හැකි සේවාවන්ය. සැමට සුවසෙත සැලසෙන නිරෝගී ජන සමාජයක් බිහිකිරීමේ අරමුණින් වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය මගින් මෙම මධ්‍යස්ථානය ඉදි කිරීමේ කටයුතු සම්න්ධිකරණය කොට තිබේ.

    මෙම මධ්‍යස්ථානය වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර සහ සුබසාධන මධ්‍යස්ථානය ලෙස නම් කොට ඇත. වකුගඩු රෝගී සහන සත්කාර සහ සුබසාධන මාධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදී විශේෂ ජනහමුවක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya