අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් කර්මාන්තයේ අපනයනයෙන් රුපියල් බිලියන 95 ක ආදායමක්

    පෙබරවාරි 22, 2019

    පොල් කර්මාන්තයේ මුළු අපනයනයෙන් පසුගිය වසර තුළ රුපියල් බිලියන 95 ක ආදායමක් ලබා ගැනීමට හැකිවු බවත් 2022 වන විට එම ආදායම දෙගුණ කිරීමට බලාපොරොත්තු වන බවත් පොල් සංවර්ධන අධිකාරියෙහි සභාපති උදය රූබසිංහ මහතා පවසයි.


    2014 වසරේදී මෙම ආදායම රුපියල් බිලියන 73ක් වු අතර 2018 වසර හා සසදා බලන විට රුපියල් බිලියන 22 ක් පැහැදිලි වර්ධනයක් දැකිය හැක.

    2017, 2018 වර්ෂ වලදි අඩු පොල් පලදා තත්වයක් පැවතියද පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්හි සැලකිය යුතු වර්ධනයක් දක්නට හැකි විය. බොහෝ පිරිස් පොල් කර්මාන්තය සදහා විශේෂ උනන්දුවක් දැක්වු විශේෂයෙන් ගතවු වසර 4 තුළ නැවුම් පොල් තෙල් ,පොල් කිරි , පොල් ක්‍රීම් හා පිටිකල පොල් කිරි යන නිෂ්පාදනයන්හි වර්ධනයක් දක්නට ඇත.

    2015 වසරේ සිට පොල් පිටි හා පොල් බටර් සදහා ලෝක වෙළදපොල අවස්ථා විවෘත විය. උද්‍යාන වගා ආශ්‍රිත කොහු නිෂ්පාදන අපනයන ආදායම 2014 දී රුපියල් බිලියන 4ක් වු අතර එය 2019 වසරේදී එම ආදායම රුපියල් බිලියන 10 දක්වා වර්ධනය කර ගැනීමට හැකිවු බව පොල්
    සංවර්ධන අධිකාරිය පවසයි. දිසිදි පොල් වැනි සාම්ප්‍රදායික පොල් නිෂ්පාදනයන්හි අඩු වීමක් පෙන්නුම් කළත් සෙසු නිෂ්පාදන සදහා ජාත්‍යන්තර වෙළද පොළ තුළ විශාල ඉල්ලුමක් පවතියි. මේ නිසා පොල් කර්මාන්තය තුළ නව අපනයන අවස්ථා රැසක් බිහිවී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya