අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයන් හය (6) දෙනෙකුගෙන් එක් අයෙක් ආඝාතයට ලක් වීමේ අවධානමක්

    පෙබරවාරි 21, 2019

    ශ්‍රී ලංකාවේ මේවන විට ආඝාත රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයන් දහසකගෙන් නව දෙනෙක් මෙම රෝගයට මුහුණ පා සිටින බව වෛද්‍යවරු පවසති.

    බෝ නොවන රෝග අතුරින් ආඝාතය යනු ලොව පුරා මරණවලට තුන්වන හේතුව ලෙස සලකන අතර ආබාධිත රෝගය ඇති වීම සඳහා ලෝකයේ ප්‍රමුඛතම හේතුව වන්නේ ආඝාතය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පවසයි.

    ජාතික ආඝාත දිනය වෙනුවෙන් අද (21) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ පිළිබඳව වෛද්‍යවරු විසින් තව දුරටත් අදහස් දැක්වූහ.

    ආඝාතයට ගොදුරුවන වැඩිහිටියන්ගෙන් 70% - 80% ක් රුධිර වාහිනීවල ලේ කැටියක් හිර වීම නිසාත්, 20% - 30% ත් මොළයේ රුධිර වාහිනියක් පුපුරා යාම නිසාත් ආඝාතයට ගොදුරු වේ. වැඩිහිටියන්ගෙන් අඝාත තත්ත්වයට වැඩිපුරම හේතු වන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම යනාදිය බව ශ්‍රි ලංකා අඝාත සංගමයේ සභාපති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම්.ටී.එම්. රිෆ්සි මහතා ප්‍රකාශ කළේය.

    ආඝාතය වැළදුණු රෝගියෙකුට ප්‍රකිකාර කිරීමේදී එම රෝගියා පැය 4ක් ඇතුළත ළඟම තිබෙන රෝහලට රැගෙන යාමෙන් හා ඉක්මන් ප්‍රතිකාර සිදු කිරීමෙන් ජීවිතය බේරා ගත හැකි බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා කීය.

    මෙහිදී දුබලතාවය අනුව චිකිත්සක ක්‍රියාකාරකම්, මතකය,මස්පිඬු ක්‍රියාකාරකම් මෙන්ම ගිලීමේ ක්‍රියාවලියට අදාළව ප්‍රතිකාර ලබා දෙමින් රෝගියා රැකබලා ගැනීම වැදගත් වේ. මේ සඳහා ආඝාත රෝගීන් පුනරුත්ථාපනය කරමින් රැකබලා ගන්නා කථන චිකිත්සක කාර්ය මණ්ඩලය හා තෘතීය චිකිත්සකවරුන් විසින් ආඝාත රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙයි. එහෙත් වර්තමානයේ තිබෙන පහසුකම් අවම නිසා එය තව දුරටත් වැඩි කිරීම අවශ්‍ය බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අවධාරණයෙන් ප්‍රකාශ කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya