අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයතන විසිහතක් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට

    පෙබරවාරි 21, 2019

    අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවා‍රය තුළ විමර්ශනයට ලක්කරන ලද ආයතන විසිහතක් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කළේය.

    2017 ජූනි මස හයවැනිදා සිට 2017 වසරේ දෙසැම්බර් අටවැනිදා දක්වා වූ කාල සීමාව තුළ විමර්ශනයට ලක්කරන ලද ආයතන විසිහතක් පිළිබඳව වූ විමර්ශන වාර්තාව මෙලෙස ඉදිරිපත් කරන බව වා‍ර්තාව ඉදිරිපත් කරමින් ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.
    මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව , විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය, ආපදා කළමණාකරණ අමාත්‍යාංශය, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ක්‍රීඩා අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන අමාත්‍යාංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු තවත් අමාත්‍යාංශ ගණනාවක් සහ දෙපාර්තමේන්තු ඇතුළු ආයතන විසි හතක් පිළිබඳව මෙම වාර්තාවට ඇතුළත් වේ.


    එමෙන්ම වී වගාව සඳහා පොහොර සහනාධාරය ක්‍රියාත්තමක කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කරන ලද විගණකාධිපති වාර්තාවේ කරුණුද මේ සඳහා ඇතුළත් කර ඇති බවත් ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.
    රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය තුළ ඉදිරිපත් කරන ලද මෙම පළමු වාර්තාව තුළ පොදු නිරික්ෂණ පහක්, ආයතන සම්බන්ධයෙන් වූ විශේෂිත නිරික්ෂන හතරක්, සහ තවත් නිරික්ෂණ අසූ හතක් ඇතුළත් වන බවත් අලගියවන්න මහතා පැවසිය.
    ගිණුම් කාරක සභාව විසින් ඒ ඒ අමාත්‍යාංශ සම්බන්ධයෙන් සිදුකරන නිර්දේශයන් පිළිබඳව මාස දෙකක් තුළ විෂය භාර ඇමතිවරුන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ යුතු බවට ස්ථා‍වර නියෝග වලට ඇතුළත් කර තිබීම නව ප්‍රවණතාවක් බවද ‍රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya