අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිස් ජාවාරමේ හෝ නීති විරෝධී කටයුතුවල නිරත වන ධීවර යාත්‍රා නියමුවන්ගේ බලපත්‍ර තහනමක් - රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි

    පෙබරවාරි 21, 2019

    ධීවර කටයුතු සදහා යාත්‍රා පැදවීමේ බලපත්‍ර ලබාගෙන එමඟින් නීති විරෝධී කටයුතු වල නිරත වන සියළු ධීවර  යාත්‍රා නියමුවන්ට සිය ජිවිත කාලය තුළ නැවත යාත්‍රා පැදවිය නොහැකි ලෙස බලපත්‍ර අත්හිටුවීමට අවශ්‍ය නීති සහ  රෙගුලාසි කඩිනමින් පැනවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය  අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් ලබාදී තිබේ.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර  දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී ඊයේ [ 20 ] බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් සමග පැවති සාකච්ජාවේ දී  මෙම උපදෙස් ලබාදී තිබේ.

    බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන් මෙහිදී පෙන්වා දුන්නේ, යාත්‍රා නියමුවන් විසින් සිය යාත්‍රා නීති විරෝධී කටයුතු  සදහා යෙදවීමෙන් ධීවර කර්මාන්තයේ නිරත වීමද බරපතල ගැටළු මතුකරන තත්වයක් නිර්මාණය කර ඇති  බවය. නියමුවා කරන වැරදි සදහා යාත්‍රා හිමිකරුට දඩුවම් පැනවීම ඉතාම අසාධාරණ බවත් වැරදි කරන අයට  දඩුවම් පැනවීමේ ක්‍රමවේදයක් සකසන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

    රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කළේ, වැරදි කරන අය නිදහස් කර නිවැරදි අයට දඩුවම් කිරීමේ  ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේනම් එය කිසිසේත් පිළිගත නොහැකි බැවින් වැරදි කරන අයට උපරිම දඩුවම්  පැනවීම සදහා ගතහැකි සියළු පියවර ගෙන අවශ්‍ය නම් නව නීති හෝ හදුන්වාදීමට කටයුතු කරන බවය .

    මෙලෙස දැඩි දඩුවම් පැනවීමකින් තොරව ධීවර ජනතාව බිල්ලට තබා සුළු පිරිසක් කරන ජාවාරම් පාලනය කළ  නොහැකි බවත් ධිවර කර්මාන්තයත් ධීවරයත් රැකගැනීම සදහා බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන්ගේ ඉල්ලීම මත  මෙවැනි දැඩි තීන්දු තීරණ ගැනීම අත්‍යවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .

    මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. සන්දනායක මහත්මිය , ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක  ජෙනරාල් ප්‍රසන්න ගීගනගේ මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් , බහුදින ධීවර යාත්‍රා  හිමියන්ගේ සංගමය සහ බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya