මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සාකච්ඡාවක

    පෙබරවාරි 20, 2019

    පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය සියලු පක්ෂ නායකයින් අවධාරණය කර තිබේ.

    පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් අද (20) කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

    ඒ අනුව මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව සුළු පක්ෂ නියෝජනය කරන පක්ෂ නායකයින්ට පවත්නා ගැටළු සම්බන්ධව අවසන් විසඳුමක් ලබාගැනීම සඳහා ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

    අතිගරු ජනාධිපතිතුමා සමඟ පැවැත්වීමට නියමිත එකී සාකච්ඡාවෙන් අනතුරුව නීතිපතිවරයා කැඳවා ඔහුගේ අඳහස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya