අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ නිල් ආර්ථික ” වැඩපිළිවෙලේ තවත් පියවරක්- ලංකාවේ ප්‍රථම SMART FISHERY HARBOUR ලෙස කලමැටිය ධීවර වරාය සංවර්ධනයට පියවර

    පෙබරවාරි 19, 2019

    ශ්‍රී ලංකාවේ ප්‍රථම   SMART FISHERY HARBOUR ලෙස කලමැටිය ධීවර සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

     රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කොරියානු නියෝජිත කණ්ඩායමක් සමග කලමැටිය ධීවර වරායේ නිරීක්‍ෂණ චාරිකාවකට එක් වෙමිනි.

    නිල් ආර්ථික වැඩපිළිවෙල යටතේ මෙම SMART FISHERY HARBOUR සංකල්පය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර  ධීවර වරායේ ජල අවශ්‍යතා සදහා අවශ්‍ය සම්පුර්ණ ජලය මුහුදු පතුලෙන් ලබාගැනීම පිළිබදව මෙහිදී විශේෂ අධ්‍යනයක නිරත වූ අතර මෙම අවස්ථාවට එක්ව  සිටි කොරියානු නියෝජිත කණ්ඩායම පැවසුවේ, පරිසරය රැකගනිමින් මුහුදු පතුලේ සිට අඩි 150 වඩා යට සිට පිරිසිදු පානිය ජලය ලබාගැනීම මගින් ධීවර වරායේ කටයුතු සදහා පමණක් නොව අවට ගම්මාන සදහාද පානිය ජලය ලබාදීමේ හැකියාව පවතින බවය .

    කලමැටිය ප්‍රදේශයේ පවතින උග්‍ර පානිය ජල ගැටළුවට මෙය  තිරසර විසදුමක් වියහැකි බව එහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

    මෙම නිරීක්‍ෂණ චාරිකාවේදී සුර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිලිබදව සොයාබැලූ අතර එමගින් නිපදන විදුලියෙන් කලමැටිය ධීවර වරායේ සියළු විදුලිය අවශ්‍යතා සපුරා අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට ලබාදීමේ හැකියාව පවතින බවත් එමගින් ජාතික විදුලිය අවශ්‍යතාව වෙනුවෙන් දායක වීමට ද SMART FISHERY HARBOUR සංකල්පය යටතේ හැකියාව ලැබෙන බවත් අවධාරණය කෙරිණ .

    එසේම ධීවර වරාය ආවරණය වන පරිදි ආරක්‍ෂක කැමරා පද්ධතියක් සවිකර එමගින් ධීවර වරාය උපයෝගී කරගනිමින් සිදුකරන විවිධ ජාවාරම් මැඩ පැවැත්වීමට සේම ධීවර වරායේ සියළු කටයුතු , ධීවර බෝට්ටුවල ක්‍රියාකාරීත්වය , බෝට්ටුවේ ගමන් ගන්නා අය , බෝට්ටුවට පටවන දෑ  ඇතුළු සියළු කටයුතු අධීක්‍ෂණය කිරීමේ හැකියාව පවතින බවද මෙහිදී හෙළි විණ .

          මෙහිදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසුවේ , කොරියානු ආධාර යටතේ මෙම SMART FISHERY HARBOURසංකල්පය ක්‍රියාත්මක කරන බවය . ධීවර වරායක කටයුතු වෙනුවෙන් විශාල විදුලියක් සේම විශාල ජලප්‍රමානයක් දින පතා අවශ්‍ය බවත්  නව වැඩපිළිවෙල යටතේ එම ජලය සහ විදුලිය වෙනුවෙන් වැයකිරීමට සිදුවන විශාල මුදලක් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන බවත් පැවසිය .

          එසේම ධිවර යාත්‍රා යොදාගනිමින් සිදුවන විවිධ නීති විරෝධී කටයුතු පාලනය කිරීමට  මෙම නව වැඩපිළිවෙල මගින් හැකියාව ලැබෙන බව තම විශ්වාශය බව සදහන් කල රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  මහතා මෙම වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතිය කලමැටිය ධිවර වරායේ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එහි සාර්ථකත්වය අනුව ලංකාවේ සෙසු ධිවර වරායන් 22 සදහා ද මෙම SMART FISHERY HARBOUR සංකල්පය ක්‍රියාත්මක කරන බවය .

          මෙම වැඩපිළිවෙල රටට ඉතා අත්‍යවශ්‍ය බව සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, එමගින් ධිවර කර්මාන්තයේ විශාල දියුණුවක් ලබාගැනීමට හැකිවන බවද සදහන් කළේය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya