අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පෙරළියෙන් මාතලේට සංවර්ධන ව්‍යාපෘති1104ක්

    පෙබරවාරි 19, 2019

    ගම්පෙරලිය යටතේ මාතලේ දිස්ත්‍රික්කය පුරා ලබන මාර්තු මාසයේ රුපියල් මිලියන 800ක වියදමින් සංවර්ධන ව්‍යාපෘති 1104ක වැඩ ආරම්භ කරන බව මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා මහතා පවසයි.

    මාතලේ මැතිවරණ කොට්ඨාසයක් සදහා රු.මිලියන 200 බැගින් මිලියන 800ක මුදලක් වෙන් කොට තිබේ. ග්‍රාමීය මාර්ග, , සුළු වාරිමර්ග, බෝක්කු, පාලම් ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම සදහා මේ වන විටත් අනුමත වී තිබේ.

    දැනට අනුමත වී ඇති ව්‍යාපෘති 1104 වැඩ කටයුතු ලබන මාර්තු මාසයේ මුල් සතියේ ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය. මෙම ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරිමෙන් පසු නැවතත් මැතිවරණ කොට්ඨාසයකට රු. මිලියන 100 බැගින් ලබාගැනිමේ අවස්ථාව හිමිවන බව දිසාපතිවරයා පැවසීය.

    මාතලේ දිස්ත්‍රික්කයේ ගම්පෙරලිය සංවර්ධන වැඩ සටහන සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ගම්පෙරලිය සමාලෝචන රැස්වීමකදී මෙම තොරතුරු අනාවරණය විය.

    මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානු කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණි විජේරත්න , දඹුල්ල එජාප සංවිධායක ප්‍රියාන් විජේරත්න යන මහත්ම මහත්මීන් මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා සජීවා විතානගේ මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක්ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya