අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෙරවලපිටිය ද්විත්ව ඉන්ධන ස්වභාවික වායු බලාගාරයේ ටෙන්ඩර් චීන සමාගමකට වැඩි මිලට ලබා දි නෑ- විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්

    පෙබරවාරි 18, 2019

    කෙරවලපිටිය මෙ.වො 300 සංයුක්ත චක්‍රිය ද්විත්ව ඉන්ධන ස්වභාවික වායු බලාගාරයට ටෙන්ටර් කැඳවීමෙන් කිසිදු අක්‍රමිකතාවයක් සිදු වී නොමැති බව විදුලි බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දි එම අමාත්‍යංශයේ ලේකම් ආචාර්යය සුරේන් බටගොඩ මහතා පවසයි.

    මේ අනුව ටෙන්ඩර් සදහා ලංසු 08 ක් ලැබුණු අතර තාක්ෂණික කමිටුවේ නිර්දේශ ,ටෙන්ඩර් මණ්ඩල නිර්දේශ, ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශ,ප්‍රසම්පාදන කොමිසන් සභාවේ නිර්දේශ,මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ,ආර්ථික කළමනාකරණ පිළිබඳව අමාත්‍ය මණ්ඩල කමිටු නිර්දේශ,අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශ සැළකිල්ලට ගෙන මෙම ටෙන්ඩරය GCL, windforce and RenewGen සමාගමට ලබා දිමට තීන්දු කර බව ඔහු වැඩිදුරටත් පැවසිය.


    මේ හේතුවෙන් මෙම ටෙන්ඩර් ප්‍රදානය කිරිමේ දි චීන සමාගමකට වැඩි මුදලකට ටෙන්ඩර් ප්‍රදානය කළා යැයි විවිධ අසත්‍ය ප්‍රචාර මාධ්‍ය හරහා සිදු කරන බැවින් මෙමසියලු අසත්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

    ලංකා විදුලිබල මණ්ඩලය සියලුම විදුලි බලාගාර ඉදි කරනු ලබන්නේ අංක 20/2009 දරණ ශ්‍රි ලංකා විදුලි බල පනත අනුව මහජන උපයෝගිතා කොමිසන් සභාව අනුමත කරන වසර 20 ක කාලය සදහා වන දිගු කාලීන ජනන සැලැස්මට ඇතුළත් නොවන කිසිදු බලාගාරයක් ඉදි කළ නොහැකි බවය.

    2019 වර්ෂයේ දි ඉදි කිරිමට යෝජිත මෙ.වො.300 ස්වභාවික වායු බලාගාරය සදහා ලංසුව 2016.11.16 දින කැදවන ලදි.මෙම ටෙන්ටරය සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට වසර 2 කාලයක් ගැනිමට සිදු වු බව ඒ මහතා පැවසිය.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අධ්‍යක්ෂ (සංවර්ධන ) සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුයේ, මෙම එක් බලාගාරයක් ලබා දුන්නේ චීනයට නොව දේ ශීය සමාගමයක් වනGCL,Windforce and RenewGen සමාගමටත් ඇමෙරිකාවේ GE  සමාගමෙන් ජනන යන්ත්‍ර යොදා ගන්නා බැවින් ඇමෙරිකාවටත්,චීනයේ GCL සමාගමට යන පාර්ශව තුනම දායකත්වය දක්වන යෝජනාවකට බවයි.


    මීට අමතර එම අවස්ථාට විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ, තමා මෙම අමාත්‍යාංශය බාර ගන්නා විට අලාභය කෝටි 8700ක් බවයි.එසේ වුවද කිසි විටක එය පාරිභෝගිකයා වෙත මිල ඉහළ දැමිමක් සිදු නොකරන බවයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya